
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක ඇති අලි අභයභූමි සදාචාර විරෝධී සහ ම්ලේච්ඡ ස්ථාන ලෙස හඳුන්වන තත්ත්වයක් උද්ගතව තිබේ.
ලන්ඩනයේ පිහිටි ‘සේව් ද ඒෂියන් එලිෆන්ට්’ පුණ්‍යායතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඩන්කන් මැක්නෙයාර් ෆොක්ස් නිව්ස් ඩිජිටල් වෙත පවසා ඇත්තේ මෙම අභයභූමි සියල්ල පවත්වාගෙන යන්නේ මුදල් සඳහා බවයි.
තායිලන්තයේ දී අලියකු නැරඹීමට ගිය සංචාරකයකු මිය යෑමේ සිද්ධියකින් පසු ඔහු ‘අලි අභයභූමි’ පිළිබඳ මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත.
ස්පාඤ්ඤ නවරා විශ්වවිද්‍යාලයේ නීති ශිෂ්‍යාවක් වන 22 හැවිරිදි බ්ලැන්කා ඔජන්ගුරන් ගාර්ෂියා පසුගිය සතියේ මිය ගොස් තිබුණේ ඇය නහවමින් සිටි අලියා හොඬවැලෙන් කළ පහරදීමකිනි.
ස්පාඤ්ඤ මාධ්‍ය වාර්තා කරන පරිදි, ඇය ‘කෝ යාඕ එලිෆන්ට් කෙයාර්’ හි අලියකු නහවමින් සිටියදී 50 හැවිරිදි අලියා හොඬවැලෙන් ගසා මරා දමා ඇත.
ඇගේ පෙම්වතා ඇතුළුව තවත් පුද්ගලයන් 18 දෙනෙකු පමණ අභයභූමියේ සිටි බව එම සමාගම ස්පාඤ්ඤ පුවත්පතකට පවසා තිබේ.
වෙනත් කිසිවකුට තුවාල සිදු වී නොමැති අතර එහි සිටි සතුන්ට සළකා ඇති ආකාරය පිළිබඳ විස්තර තවමත් හෙළිවී නැත.
නමුත් මෙම සිදුවීම නිසා සංචාරකයන්ට සතුන් සමඟ සමීපව කටයුතු කිරීමට අවස්ථාව දෙන බවට පොරොන්දු වෙමින් සංචාරකයන් ආකර්ෂණය කරන අලි අභයභූමි සැබවින්ම කෙතරම් ආරක්ෂිතද යන්න පිළිබඳ ප්‍රශ්න මතු වේ.
අලියා ගාර්ෂියාට පහර දුන්නේ ඇයිද යන්න හෝ අභයභූමියේ පාලකයන් මෙම මරණයට පෙර එම සත්වයාට සැළකුවේ කෙසේද යන්න තවමත් නොදනී.
නමුත් මැක්නෙයාර් පැවසුවේ “අලියා තම ශක්තිය ගැන නොදැන සිටිය හැකියි. එම සතුන් ක්‍රියා කරන්නේ තමන්ව තියලා තියෙන තත්ත්වයන්ට එරෙහිව” යනුවෙනි.
“හොඬවැල කියන්නේ අලියා බහු කාර්යයන් සඳහා යොදා ගන්නා ඉන්ද්‍රියක්,” මැක්නෙයාර් පැහැදිලි කළේය.
“අලියකු අහඹු ලෙස හොඬවැලෙන් පහර දෙන්නේ හෝ වන්නේ නැහැ. මෙය අහම්බයක් වීම සිදුවිය නොහැක්කක්. ඇත්ත වශයෙන්ම, වාණිජ සූරාකෑම සඳහා වහල්භාවයේ සිටින සියලුම අලි ඇතුන් මෙන් මේ අලියාත් සම්පූර්ණයෙන්ම අස්වාභාවික තත්ත්වයක, අධික ආතතියකින් ඉන්න ඇත්තේ.” යනුවෙන් ද ඔහු පවසයි.
අලියා යනු සන්සුන් හා බුද්ධිමත් සතකු වුවද, ඔවුන්ගේ ‘සන්සුන්කම’ යන්නෙන් අදහස් කරන්නේ ඔවුන් හීලෑ කර ඇති බව නොවන බව ඔහු අවධාරණය කළේය.
එබැවින් යහපත් චේතනාවෙන් කටයුතු කරන සංචාරකයකුට පවා පහරදීමේ හැකියාව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart