
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ශ්‍රී ලංකා සුපිරි පිතිකරු ලසිත් මාලිංගට සමාන, අසාමාන්‍ය සහ සාම්ප්‍රදායික නොවන පන්දු යැවීමේ ඉරියව්වක් ඇති මතීෂ පතිරණ මෙම වසරේ ඉන්දියාවේ අයිපීඑල්(IPL) තරගාවලියේදී චෙන්නායි සුපර් කිංග්ස්(CSK) කණ්ඩායමට විශ්වාසදායක පන්දු යැවීමේ ආයුධයක් බව ඔප්පු කර තිබේ. ඔහුගේ යෝකර් පන්දු සහ නිලකුණු පන්දු ඕවරවල නිරවද්‍යතාවය ලොව පුරා ක්‍රිකට් ප්‍රවීනයන්ගේ සිත් ඇද බැඳ ඇත. එමනිසාම 20 හැවිරිදි වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ IPL තරඟාවලියේ CSK කණ්ඩායමේ නැගී එන තරුවක් ලෙසින් මතුව ඇති අතර ලොව පුරා අවධානයට ලක්ව තිබේ.
මතිෂගේ පන්දු යැවීමේ වෙනස්කම්වල විවිධ පැති විශ්ලේෂණය කරමින්, හිටපු නවසීලන්ත ක්‍රීඩක ස්කොට් ස්ටයිරිස්, හිටපු ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංගට සාපේක්ෂව මතීෂ පතිරණගේ තරුණ ක්‍රිකට් දිවිය පිළිබඳව විශාල අපේක්ෂාවක් පවතින බව පෙන්වාදී ඇත. සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංගට වඩා වේගයකින් පන්දු යැවීමට පතිරණට ඇති හැකියාව, දිගු කාලීනව ඔහුට ප්‍රයෝජනවත් විය හැකි බව ස්කොට් ස්ටයිරිස් සඳහන් කර තිබේ.
“පතිරණ පැයට කිලෝමීටර් 145, 146, 148 වේගයෙන් පන්දු යවනවා. ඒ නිසා ඔහුට ඒ ස්වභාවික වාසිය තියෙනවා. ඔහු ඉතා හොඳින් යෝකර් යොමුකරනවා. ඔහු ක්‍රමයෙන් පරිණත වී වැඩි අත්දැකීමක් ලබා ගන්නා විට, යෝකර් පන්දුවලින් මාලිංග තරම්ම දක්ෂ විය හැකියි. මම හිතන්නේ මාලිංගට වඩා පතිරණ හොඳ වෙන්න පුළුවන්. ඔහු තවමත් මාලිංග තරම් නිවැරදි නැහැ” යැයි ස්කොට් ස්ටයිරිස් වැඩිදුරටත් පෙන්වාදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart