
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සිය මව් පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය සමග එකගතාවක් ඇතිව කටයුතු කළයුතු බවට සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් සැදුම්ලත් කළමනාකරණ කමිටුව ඒකමතිකව තීරණය කර ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර වාර්තා උපුටා දක්වමින් ‘දිවයින’ වාර්තා කරයි.
ඒ සඳහා එජාපය සමග අවබෝධයෙන් සාකච්ඡා කිරීම සජබ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර වෙත පැවරීමට ද පෙරේදා (08දා) සවස රැස්වූ එම කමිටුව තීරණය කර ඇතැයි එම වාර්තාවේ සන්ද්දහන් වේ.
ඒ අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණයට මුහුණදෙන ආකාරය පිළිබඳව එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ බව සජබ ජ්‍යෙෂ්ඨයෙක් සඳහන් කර ඇත.
එමෙන්ම සමගි ජනබලවේගය සභාපති ඉමිතියාස් බාකිර් මාකාර් මැතිවරණ පරාජය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ඉල්ලා පක්ෂයට එවූ ලිපියේ ඇතුළත් ඇතැම් කරුණු ජනමාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස බාකිර් මාකාර්ගෙන් විමසීමක් කර ඇත.
පක්ෂය තුළ සාකච්ඡා කළ යුතු කාරණා ජනමාධ්‍යයට දීම සුදුසු නොමැති බව සජිත් ප්‍රේමදාස මෙහිදී පවසා ඇති අතර, ඉමිතියාස් බාකිර් මාකාර් සහ තිස්ස අත්තනායක යන අය ඇතුළු කිහිපදෙනෙක් පරාජයට හේතු වූ පක්ෂය සිදුකළ වැරදි සම්බන්ධයෙන් අදහස් පළකර ඇත.
ඒ අනුව එවැනි වැරදි යළි සිදු නොවීමට රංජිත් මද්දුම බණ්ඩාර, ඉමිතියාස් බාකිර් මාකාර්, තිස්ස අත්තනායක සහ කබීර් හෂීම් යන මහත්වරුන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත්කිරීමටද කළමනාකාර කමිටුව තීරණය කර තිබේ.
මාස කිහිපයකට පසු රැස්වූ සජබ කළමනාකාර කමිටු රැස්වීම පැය තුනක් පමණ පවත්වා ඇති අතර එම ජ්‍යෙෂ්ඨයන් මෙන්ම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු රැසක් මේ සඳහා සහභාගි වී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart