
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ ගොනුකර තිබූ SCFR 220/21 දරන නඩුවේදී පැමිණි සමථයට අනුව එක් වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් සඳහා බද්දක් ක්‍රියාත්මක කරන ලෙස පරිසර යුක්ති කේන්ද්‍රය ජයෙන් ඉල්ලා සිටියි.
දිනකට මෙරට ඉවතලන ප්ලාස්ටික් බෑග් ප්‍රමාණය මිලියන 20ක් පමණ වන බවත්, එමඟින් දැඩි පාරිසරික හා සෞඛ්‍ය අවදානම් ඇති වන බවත් අවධාරණය කරමින්, පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති හේමන්ත විතානගේ විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් මෙම ඉල්ලීම සිදුකර තිබේ.
යෝජිත බද්දෙන් දිනකට රුපියල් මිලියන 15ක් උපයා ගත හැකි අතර එය සංරක්ෂණ හා අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන් සඳහා අරමුදල් සපයා ගැනීමට දායක කර ගත හැකි බව ඔහු පෙන්වා දී තිබේ.
සමථයෙන් මාස 9කට පසුවත් තීරණය ක්‍රියාත්මක කර නොමැති බව ද ඔහු පෙන්වා දී ඇත.
ගෝලීය වශයෙන් ගෙන ඇති එවැනි පියවරවල සාර්ථකත්වය අවධාරණය කරමින් පරිසර යුක්ති කේන්ද්‍රය රජයෙන් ඉල්ලා ඇත්තේ අන්තර්ජාතික වැඩසටහන්වලට අනුකූලව ප්ලාස්ටික් දූෂණය විසඳීමට කඩිනම් පියවර ගන්නා ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart