
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වී අලෙවි මණ්ඩලය 2024 යල කන්නයේ මිලදී ගත් කීරි සම්බා වී කිලෝග්රෑම් එක්ලක්ෂ විසිදහසකට ආසන්න ප්රමාණයක් (119,690) විකිණීමට මිල ගණන් කැඳවා තිබේ.
අම්පාර දිස්ත්රික්කයේ පරගහකැලේ වී ගබඩාවේ මෙම වී තොගය තිබෙන බව වී අලෙවි මණ්ඩලය පුවත්පත් දැන්වීමක් හරහා ප්රසිද්ධ කර ඇත.
වී අලෙවි මණ්ඩලයේ දෙපාර්තමේන්තුව ප්රසම්පාදන කමිටුව 2024 වසරේ ලියාපදිංචි වී මෝල් හිමියන්ගෙන් මිල ගණන් කැඳවා තිබේ.
පසුගිය 07 වැනිදා සිට ලබන 21 වැනිදා දක්වා ලංසු ලේඛන නිකුත් කරන බවත්, වී තොග නිකුත් කිරීම සම්බන්ධ අවසන් තීරණය වී අලෙවි මණ්ඩලය සතු බවත් එම මණ්ඩලය පවසයි.
කෙසේවෙතත් මීට පෙර නිලධාරීන් උපුටා දක්වමින් ප්රකාශ වී තිබුණේ වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල වී නොමැති බවයි.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart