
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පවුල් සෞඛ්‍ය සේවයේ නිරත සෞඛ්‍ය වෘත්තිකයන් උපත් පාලන පෙති නියම කිරීමේදී එහි අහිතකර බලපෑම් පිළිබඳව කාන්තාවන් දැනුවත් නොකරන බවට වෛද්‍ය විශේෂඥයෝ චෝදනා කරති.
නෙදර්ලන්තයේ ලයිඩන් විශ්වවිද්‍යාලයේ නවීන දකුණු ආසියානු අධ්‍යයනය පිළිබඳ මහාචාර්ය නීරා වික්‍රමසිංහ චෝදනා කළේ, පවුල් සෞඛ්‍ය සේවයේ නිරත ඇතැම් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් උපත් පාලන පෙතිවල ඇතැම් අහිතකර බලපෑම් පිළිබඳව කාන්තාවන්ට නොපවසන බව හා ඒවා පිළිබඳ ප්‍රශ්නවලින් පවා මගහරින බවයි.
තවද, අවිවාහක මව්වරුන් වැනි සියලුම සමාජ සංස්කෘතික පසුබිම්වල සිටින මව්වරුන් සෞඛ්‍ය සේවය තුළදී වඩාත් පිළිගැනීමට ලක්කිරීම සඳහා රජයේ රෝහල්වල පවුල් සෞඛ්‍ය සේවිකාවන් තවදුරටත් පුහුණු කරන ලෙස ද විද්වතුන් රජයෙන් ඉල්ලා සිටියි.
“අවිවාහක මව්වරුන් වැනි ඇතැම් කාන්තාවන් පිළිගැනීමක් හිමිනොවන තත්ත්වයක් මතුව ඇති නිසා රජයේ රෝහල්වල වින්නඹු මාතාවන්ට පුහුණුවක් අවශ්‍ය බව අපි දකිනවා” ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකා වෛද්‍ය සුසී පෙරේරා ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාව තුළ මේ වනවිට දරුවාගේ උප්පැන්න සහතිකයේ මාපියන්ගේ විවාහකභාවය පිළිබඳ අවශ්‍යතාව අහෝසි කර ඇත.
කෙසේවෙතත්, විද්වතුන් පෙන්වාදෙන්නේ, එවැනි කාන්තාවන්ට පිළිගැනීමක් ඇතිකිරීම සඳහා තවත් බොහෝ දේ කළ යුතුව ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart