
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සාමණේර භික්ෂූන් වහන්සේලාට විහාරස්ථානවලදී පහරදී අපයෝජනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන්, ‘නිදානොසිට අවදිවී’ වහාම පියවර ගන්නා ලෙස රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය, පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ මහානායක හිමිවරුන්ගෙන් ඉල්ලා සිටිති.
සාමණේර භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් සිද්ධීන් දෙකක් අවම වශයෙන් මෑතකදී වාර්තාවී ඇති බවත්, මහානායක හිමිවරුන් මෙවැනි ළමා අපචාර වැළැක්වීමට කටයුතු කළ යුතු බවත් සෝභිත හිමියෝ පෙන්වාදෙති.
පසුගිය අප්‍රේල් 23 වැනි දින පුස්සැල්ලාව ප්‍රදේශයේ විහාරස්ථානයක සාමණේර හිමිනමක්, වැඩිහිටි භික්ෂූන් වහන්සේලා තුන් නමක් විසින් අමානුෂික ලෙස අපයෝජනය කිරීමේ සිද්ධියක් වාර්තා විය. සිද්ධිය සම්බන්ධයෙන් විහාරාධිපති හිමියන්ගෙන් ප්‍රශ්න කර තිබුණද, ඒ සම්බන්ධයෙන් කිසිවකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.
එම සතියේම අරණායක විහාරස්ථානයක සිටි තවත් සාමණේර හිමිනමකට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල විය. සිද්ධියට සම්බන්ධ බවට චෝදනා ලැබ සිටින භික්ෂූන් වහන්සේ දෙනම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබේ.
විහාරස්ථානවල සිටින සාමණේර භික්ෂූන් වහන්සේලාගේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන්, ප්‍රධාන බෞද්ධ පාර්ශ්වයන්ගේ මහානායක හිමිවරුන් වගකීමෙන් කටයුතු කළ යුතු බව ඕමල්පේ සෝභිත හිමියෝ පෙන්වාදෙති.
(Daily Mirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart