
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නිවසකට අනවසරයෙන් කඩාවැදුණු පුද්ගලයෙක් විනාඩි 30කට ආසන්න කාලයක් එම පරිශ්‍රයේ රැඳීසිට අඹ ගෙඩියක් පමණක් රැගෙන පිටව ගිය අසාමාන්‍ය සොරකමක් වාර්තා වීමත් සමග නාවල ප්‍රදේශවාසීහු ප්‍රහේලිකාවකට මුහුණදී සිටිති.
අලුයම් කාලයේ සිදු වූ මෙම අරුම පුදුම සිදුවීම නිවෙස් හිමියන් විසින් අනාවරණය කර ගෙන ඇත්තේ ඔවුන්ගේ අල්මාරි සහ බඩු බාහිරාදිය අවුල් කර ඇති අයුරු දැකීමෙන් පසුවය.
නිවස තුළ තිබූ සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ සොරා අඹ කදාගනිමට පෙර ක්‍රමානුකූලව කාමර සෝදිසි කර ඇති බවයි.
දැන් පොලිසිය සතුව ඇති වීඩියෝ පටයේ, මෙම පුද්ගලයා සන්සුන්ව නිවස ගවේෂණය කරන ආකාරය පෙන්නුම් කරයි.
ඔහු කිසිදු කලබලයක් හෝ ඉක්මන් බවක් නොපෙන්වයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති අතර නිවසේ වටිනා භාණ්ඩ කිසිවක් අතුරුදන් වී නොමැති බව වාර්තා වේ.
පොලිසිය ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටින්නේ අවධානයෙන් සිටින ලෙසත් සැකකටයුතු ක්‍රියාකාරකම් පිළිබඳව දැනුම්දෙන ලෙසත්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart