
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනමාධ්‍ය විසින් කුමක් ප්‍රකාශ කළද රජය සිය ගමන නතර නොකරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පැවැසුවේය.
දුම්රිය දෙපාර්තමේන්තුවේ උත්සවයක් අමතමින් ඇමැතිවරයා කියාසිටියේ ඇතැම් රුපවාහිනී නාලිකා රටේ අඳුර පතුරමින් සිටින බවයි.
“සමහර නාලිකාවල නම ඉර උණාට පතුරන්නේ අඳුර”
ඇතැම් ජනමාධ්‍ය ආයතනවල පිරිස් රට පිරිසිදු වනවාට කැමැති නැති බවද ඇමැතිවරයා සඳහන් කළේය.
“සමහර ජනමාධ්‍යවල කට්ටිය රට ක්ලීන් වෙනවට කැමති නෑ. නම ඉර උණාට පතුරන්නේ අඳුර. ඒකට අපිට කරන්න දෙයක් නෑ. නමුත්, ජනවරමේ ක්ලීන් කරන්න කියලා තියෙනවා. අපි ක්ලීන් කරනවා. ඉතින් මීඩියාත් ක්ලීන් වෙනවා නම් හොඳයි. මීඩියා මොනවා කිව්වත් අපි අපේ කෝච්චිය නතර කරන්නේ නෑ. අපි ජනවරමට අනුව කටයුතු කරනවා.” යැයි හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart