
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තමන් පාසල් සිසුවකුව සිටියදී සිදුවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වත්මන් ජාතික ජනබලවේගය ආණ්ඩුව දේශපාලන දඩයමක යෙදී සිටින බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ චෝදනා කරයි.
කතරගම ප්‍රදේශයේ ඉඩමක අයිතිය සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂගෙන් ඊයේ උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය ගණනක් ප්‍රශ්න කර තිබිණි.
ඔහු පවසන්නේ, ඔහුට ඒ සම්බන්ධයෙන් කිසිදු අදහසක් නොමැති බවයි.
විමර්ශකයන්ට අනුව, ඉඩම රජයට අයත් එකකි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමෙන් පසු යෝෂිත රාජපක්ෂ ඩේලි මිරර් පුවත්පතට පවසා ඇත්තේ, 2006 සිට 2007 දක්වා, එනම් තමා පාසල් යන කාලය පදනම් කරගනිමින් මෙම කාරණය මතුකර ඇති බවයි.
ඔහු 2023 දී අදාළ ඉඩමට ආසන්නයේ පිහිටි විහාරස්ථානයකට යම් ආධාරයක් ලබාදුන් බව යෝෂිත රාජපක්ෂ පවසයි.
“2023 දී මම මේ ආසන්නයේම තිබූ විහාරස්ථානයට යම් ආධාරයක් ලබාදුන්නා. අදාළ ඉඩම තිබෙන බවවත් මම දැන සිටියේ නැහැ. 2017 දීත් යහපාලන ආණ්ඩුව මේ ගැන සොයා බැලුවත් එදා මගේ නම නඩුවට සම්බන්ධ වුණේ නැහැ. දැන් මේ ආණ්ඩුව දේශපාලන වාසි තකා මාව බොරු ඉඩම් නඩුවකට පටළවන්න හදනවා” යෝෂිත රාජපක්ෂ පැවසුවේය.
පසුගිය යහපාලන ආණ්ඩුවද තමන්ව වෙනත් බොරු නඩුවලට පැටළවීමට උත්සාහ කළ නමුත් ඒ සියල්ලෙන් තමා නිදහස් කළ බවද යෝෂිත රාජපක්ෂ වැඩිදුරටත් පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart