
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොවිඩ්-19 වසංගතයෙන් වසර පහකට පසු චීනය තුළ තවත් වෛරසයක් පැතිර යමින් ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
එය හැඳින්වෙන්නේ Human metapneumovirus (HMPV) ලෙස බව පැවසේ.
වෛරසය චීනය තුළ සීඝ්රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වන අතර, සමාජ මාධ්‍ය ඔස්සේ චීනයේ පවතින තත්ත්වය පිළිබඳ අදහසක් ලබාගත හැකි බව විදෙස් ජනමාධ්‍ය පෙන්වාදෙයි.
එම වාර්තා අනාවරණ කරන්නේ, රෝගීන්ගෙන් රෝහල් පිරී පවතින බවයි.
එමෙන්ම ආදාහනාගාර ද පිරී ඇති බව නිල නොවන ඇතැම් වාර්තා අනාවරණ කර තිබේ.
අන්තර්ජාලය ඔස්සේ සංසරණය වන වීඩියෝ මගින් ජනාකීර්ණ රෝහල් දර්ශන පෙන්වයි.
චීනයේ ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයන් පවසන පරිදි රට තුළ ඉන්ෆ්ලුවෙන්සා A, HMPV, Mycoplasma pneumoniae සහ Covid-19 ඇතුළු බහුවිධ වෛරස් සංසරණය වන බව පැවසේ.
පවතින තත්ත්වය හමුවේ චීනය තුළ හදිසි තත්ත්වයක් පනවා ඇතැයි පැවසෙන නමුත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් වාර්තා පළවී නොමැත.
චීනය තුළ මේවනවිට ව්‍යාප්ත වෙමින් පවතින බවට පැවසෙන HMPV උණ වැනි රෝග ලක්ෂණ ඇති කරන බව පැවසෙන නමුත් Covid-19 හා සමාන රෝග ලක්ෂණ ද පෙන්නුම් කෙරෙන බව පැවසේ.
වයිරසය ව්‍යාප්ත වීමත් සමඟ චීනයේ සෞඛ්‍ය නිලධාරීන් තත්ත්වය දැඩි ලෙස නිරීක්ෂණය කරන බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart