
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජීවිතයට යුද්ධයක් පැවැති කාලයේ පවා තර්ජනයක් නොතිබුණු බව හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවසුවේය.
ඔහු චෝදනා කළේ හිටපු එල්.ටී.ටී.ඊ. සංවිධානයට හිටපු ජනාධිපතිවරයා සමග විශේෂ සම්බන්ධයක් තිබූ බවයි.
“යුද්ධය පැවති කාලයේ පවා ඔහුව ඝාතනය කිරීමට හෝ බෝම්බ හෙළීමට උත්සාහ කළේ නැහැ. ඔහු යුද්ධය කළේ තනිවමද? අපි යුද්ධයේදී සටන් කළේ නැද්ද?” යනුවෙන් ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සරත් ෆොන්සේකා ප්‍රශ්න කළේය.
“2005 දී මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් යුද්ධය හෙළාදකින අතර ප්රභාකරන් සමඟ සාකච්ඡා කිරීමෙන් සාමය ළඟා කර ගත යුතු බව අවධාරණය කළා. එල්.ටී.ටී.ඊ.යට මහින්දත් එක්ක කිසිම තරහක් තිබුණේ නැහැ. ඇත්ත වශයෙන්ම 2005 දී කොටි සංවිධානයට මරාගෙන මැරෙන ප්‍රහාරක බෝට්ටු මිලදී ගැනීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක් දීලා තියෙනවා.
මහින්ද රාජපක්ෂ කොටි සංවිධානය සමඟ සැලකිය යුතු සම්බන්ධයක් පවත්වාගෙන ගියා. අපි එපා කියද්දී යුද්ධය අවසන් වීමට මොහොතකට පෙර, ප්රභාකරන්ට සහ අනෙකුත් නායකයින්ට පැන යාමට ඉඩ දීම සඳහා ඔහු සටන් විරාමයක් ප්‍රකාශ කළා. මේ හේතූන් නිසා එල්.ටී.ටී.ඊ.ය කිසිවිටෙක මහින්ද රාජපක්ෂට තර්ජනයක් එල්ල කරන්නේ නැහැ,” ඔහු චෝදනා කළේය.
හිටපු ජනාධිපතිවරයාට එරෙහිව සැලසුම් කර ඇති ඩ්‍රෝන ප්‍රහාරයක් පිළිබඳ පළ වන වාර්තා පිළිබඳව ජනමාධ්‍යවේදීන් සිදු කළ විමසීමේදී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියා සිටියේ රාජපක්ෂ ඝාතනය කිරීමට කිසිවකුට අවශ්‍ය වේ යැයි තමන් නොසිතන බවයි.
”ඩ්‍රෝන මිල අධිකයි, MIG ගුවන් යානා වලටත් වඩා මිල අධිකයි. මෙතරම් විශාල මුදලක් වැය කරමින් මහින්ද රාජපක්ෂ ඉලක්ක කරන්න හේතුවක් නැහැ. අමෙරිකාවට හෝ රුසියාව වගේ රටවලට තමයි ඒවා ගන්න පුළුවන්. නමුත් ඔහුව ඝාතනය කරන්න අවශ්‍ය වන්නේ කාටද?” සරත් ෆොන්සේකා විමසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart