
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලොව ධනවත්ම මිනිසා වන එලොන් මස්ක් X සමාජ මාධ්‍ය වේදිකාවේඔහුගේ නම ‘කෙකියුස් මැක්සිමස්’ ලෙස වෙනස් කර තිබේ.
අන්ත දක්ෂිණාංශික කණ්ඩායම් විසින් භාවිත කරන ලද Meme එකක් වන Pepe the Frog චරිතය නිරූපණය කරන රූපයක් ද ඔහු සිය හඳුනාගැනීමේ රූපය ලෙස යොදාගෙන ඇත.
‘කෙකියුස්’ යනු ‘කෙක්’හි ලතින්කරණයක් බව පෙනේ.
‘කෙක්’ යනු පුරාණ ඊජිප්තු අඳුරේ දෙවියන්ගේ නම වන අතර සමහර අවස්ථාවල ගෙම්බෙකුගේ හිසෙන් නිරූපණය කෙරේ.
බොහෝ අය ග්ලැඩියේටර් චිත්‍රපටයේ රසල් ක්‍රෝගේ වීර චරිතය වන මැක්සිමස් ඩෙසිමස් මෙරිඩියස්ගේ නමට මස්ක් විසන් යොදාගෙන ඇති ‘මැක්සිමස්’ සම්බන්ධ බවට උපකල්පනය කර ඇත.
මස්ක්ගේ X ගිණුමේ හඳුනාගැනීමේ රූපයේ දැක්වෙන්නේ රෝමානු හමුදා ඇඳුමෙන් සැරසී සිටින පෙපේ ගෙම්බෙකු වීඩියෝ ක්‍රීඩාවක කොන්සෝලයක් අල්ලාගෙන සිටින ආකාරයයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart