
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලොව පුරා දරුවන් 500 ත් 600 ත් අතර සංඛ්‍යාවක් බිහිකිරීම වෙනුවෙන් සිය ශුක්‍රාණු පරිත්‍යාග කළ පුද්ගලයකුට, තවදුරටත් එලෙස ශුක්‍රාණු ලබාදීම තහනම් කරමින් නෙදර්ලන්ත අධිකරණයක් නියෝගයක් ලබාදී ඇත. 41 හැවිරිදි මෙම නෙදර්ලන්ත ජාතිකයාට සායනවලට වැඩිපුර ශුක්‍රාණු පරිත්‍යාග කිරීම තහනම් කර ඇති බව අධිකරණ තීන්දුව ලබාදෙමින් පසුගිය සිකුරාදා(28) ප්‍රකාශ කළේය. මෙම නියෝගය උල්ලංඝනය කරමින් නැවත ශුක්‍රාණු පරිත්‍යාග කළහොත් ඔහුට එරෙහිව යුරෝ 100,000 (ඩොලර් 110,000) දඩයක් නියම කළ හැකි බවද අධිකරණය ප්‍රකාශ කර තිබේ.
දැනටමත් ලබාගෙන දරුවන් අවශ්‍ය පිරිස් වෙනුවෙන් වෙන්කර ඇති ශුක්‍රාණු මාත්‍රාවන් හැර, ඔහුගෙන් ලබාගෙන ඇති අතිරේක ශුක්‍රාණු සියල්ල විනාශ කරන ලෙස ඉල්ලා විදේශයන්හි සායනවලට ලිපි යොමුකරන ලෙසද අධිකරණය ඔහුට නියෝග කර ඇත.
නෙදර්ලන්ත මව්පියන්ගේ අවශ්‍යතා නියෝජනය කරන පදනමක් විසින් ආරම්භ කරන ලද සිවිල් නඩුවකදී මෙම තීන්දුව ලබාදී ඇත. එම පදනම තර්ක කර ඇත්තේ, මෙම පුද්ගලයාගේ අඛණ්ඩ පරිත්‍යාගයන් හේතුවෙන්, ඔහුගේ ශුක්‍රාණුවලින් බිහිවන දරුවන්ගේ පෞද්ගලික ජීවිතයට ඇති අයිතිය උල්ලංඝනය කර ඇති බවයි.
මෙම පුද්ගලයාගේ මහා පරිත්‍යාගය පිළිබඳව ප්‍රථම වරට 2017 දී අනාවරණය වූ අතර, ඔහු ඒ වන විටත් දරුවන් 100 කට වඩා වැඩි සංඛ්‍යාවක් වෙනුවෙන් ලන්දේසි සාඵල්‍යතා සායනවලට ශුක්‍රාණු පරිත්‍යාග කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart