
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දේශීය පාරිභෝගිකයන් සඳහා මෝටර් රථ වඩාත් දැරිය හැකි මිලකට ලබාදීමේ අරමුණින්, බංග්ලාදේශය ලෝක මට්ටමේ, නවතම සෙඩාන් මෝටර් රථ අලෙවි කිරීම ආරම්භ කර ඇත.
මෝටර් රථ කර්මාන්තයට විවිධාංගීකරණය ගෙනඒම සඳහා, රජයේ ප්‍රමුඛතම මෝටර් රථ සමාගම වන ප්‍රගති ඉන්ඩස්ට්‍රීස් සමාගම, ලෝක ප්‍රකට කොරියානු KIA වාහනයේ නවීනතම අංගෝපාංග සහිත 1,600 cc CERATO මාදිලියේ නවතම සෙඩාන් මෝටර් රථ එකලස් කිරීම සහ අලෙවි කිරීම මෙලෙස ආරම්භ කර තිබේ.
එමෙන්ම එම මෝටර් රථ දැන් සමාගමේ විකුණුම් මධ්‍යස්ථානයෙන් ලබාගත හැකි බව ද පැවැසේ.
මෝටර් රථයක මිල ටකා ලක්ෂ 45 (ආසන්න වශයෙන් රුපියල් මිලියන 11) ලෙස නියම කර ඇත.
සීමාසහිත ප්‍රගති ඉන්ඩස්ට්‍රීස් කළමනාකාර අධ්යක්ෂ එම්. අබ්දුල් කලාම් අසාද් පවසා ඇත්තේ, එම වාහන එකලස් කිරීමෙන් පසු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වාහන අලෙවි කිරීම තුළින් රටට සේවයක් කිරීමට ප්‍රගති සමාගම වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවයි.
සීමාසහිත ප්‍රගති ඉන්ඩස්ට්‍රීස් සමාගම මෙම වසරේ සැළකිව යුතු ලාභයක් උපයා ඇති අතර එම මුදල ටකා කෝටි 72.62 කි.
සමාගම විසින් ටකා කෝටි 168.89 ක මුදලක් රාජ්‍ය භාණ්ඩාගාරයට තැන්පත් කර ඇති බව ද ඔහු පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart