
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විශ්වවිද්‍යාල සඳහා නව ආචාර්යවරුන් බඳවා ගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අවසර ලබාදී තිබේ.
කොමිසමේ සභාපති මහාචාර්ය කපිල සෙනෙවිරත්න සඳහන් කළේ, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම එකඟතාවයට පැමිණි බවයි.
නව කථිකාචාර්යවරුන් බඳවා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා වට දෙකක් පවත්වා ඇති අතර, පවතින පුරප්පාඩුවලින් 50%ක් සඳහා ආචාර්යවරුන් බඳවා ගැනීමට එහිදී එකඟ වී ඇත.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් රැසක් විවිධ හේතූන් මත විදේශගතවීම හේතුවෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ මෙම පුරප්පාඩු නිර්මාණය වී තිබේ.
අලුතින් ස්ථාපිත වෛද්‍ය පීඨ සඳහා ද ආචාර්යවරුන්ගේ හිඟයක් පවතින බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart