
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් පවතින සාමාන්‍ය නිවාඩු දින දෙකට අමතරව තවත් අතිරේක දිනයක් ඇතුළුව දින තුනක් සුරාසැල් වසා දැමීමට ගත් තීරණයෙන්, රජයට ආදායමක් ලෙස දිනකට රුපියල් මිලියන 337ක දැවැන්ත පාඩුවක් සිදුවන බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. වෙසක් උත්සවය නිමිත්තෙන් මැයි මස 4, 5 සහ 6 යන දිනවල දිවයින පුරා සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව ඊයේ(27) නිවේදනය කළේය.
පසුගිය වසරවල මෙන් මෙවර වෙසක් පුර පසළොස්වක පොහොය සහ ඊට පසු දින සාමාන්‍ය නිවාඩු දින දෙකෙහි මත්පැන් අලෙවිය තහනම් කර ඇති අතර, මේ වසරේ අතිරේක දිනයක් ලෙස මැයි මස 04වැනිදාද සියලුම සුරාසැල් වසා තබන ලෙස නියෝග කර ඇත. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් කරන ලද යෝජනාවකට අනුව සඳුදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
සුරාබදු දෙපාර්තමේන්තුව රජයේ ප්‍රධාන ආදායම් ප්‍රභවයක් වන අතර එය වාර්ෂිකව රුපියල් බිලියන 117 ක පමණ බදු ආදායමක් රැස්කර දෙයි. වසරකට දින 365න් සාමාන්‍යයෙන් සම්මත නිවාඩු දින 18ක් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ‘නිවාඩු දින’ ලෙස ප්‍රකාශයට පත් කරනු ලබන අතර, එම දිනවල මත්පැන් අලෙවිය තහනම් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart