
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්ස්ප්‍රස් පර්ල්(MV X-Press Pearl) නෞකාව හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදුවූ හානිය අයකර ගැනීමට නඩු පැවරීම ප්‍රමාද කිරීම සඳහා, ඇමරිකානු ඩොලර් මිලියන 250ක අල්ලසක් ලබාගෙන ඇත්තේ චාමර ගුණසේකර නමැති පුද්ගලයකු බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
“මට ලැබුණු තොරතුරු මත මම මේ හෙළිදරව්ව සිදුකරනවා. මේ හෙළිදරව් කිරීම්වලට වගකියන්න බැහැ. මේ තොරතුරු සාක්ෂියක් ලෙස භාවිතා කළ හැකිද යන්න මම දන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය සහ පොලිසිය පරීක්ෂණ පැවැත්විය යුතුයි” යනුවෙන්ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා සඳහන් කළේය.
තමාට ලැබුණු ඒ තොරතුරෙහි චාමර ගුණසේකර නම් පුද්ගලයාගේ ‘නට්වෙස්ට් කෝට් 50000 ගිණුම් අංක 154793334 iban number GB 53nwbk 50000015479234Bicnwbkb 2L ඇමරිකානු ඩොලර් මිලියන 250’ යනුවෙන් සඳහන් වන බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart