
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසින් ‘ආචාර්ය’ යන පදවි නාමය තම නමට පෙර තැබූ බවට කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනය කරන පොලිසිය, පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර ඇතුළු කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ, මෙවැනි කරුණක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයකුගෙන්ගෙන් මීට පෙර පොලිසිය ප්‍රකාශයක් සටහන් කර ගැනීමේ සිද්ධියක් වාර්තා නොවන බවයි.
තමන්ව අවමානයට ලක්කර ආණ්ඩුව අපහසුතාවට ලක්කිරීමට උනන්දුවක් දක්වන පාර්ශ්ව විසින් හිතාමතාම මෙවැනි කටයුත්තකට උත්සාහයක් දරන්නට ඇතැයි අධිකරණ ඇමැති නානායක්කාර චෝදනා කරයි.
පොලිසියට සහාය වීම සඳහා පාර්ලිමේන්තුව සිය සහකාර මහලේකම්වරයාට වගකීම පවරා ඇත.
ඊට අමතරව, විෂය සම්බන්ධයෙන් කටයුතු කළ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ සහ තවත් සහකාර අධ්‍යක්ෂවරයකුගෙන්ද පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
කථානායක අශෝක රන්වලගේ උසස් අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් මහාචාර්ය නිර්මාල් දේවසිරි අභියෝග කිරීම හේතුවෙන් අවසානයේ ඔහුට ඉල්ලා අස්වීමට සිදුවිය.
එම ක්‍රියාවලියට සමගාමීව තමාටද චෝදනා එල්ලවීම සමඟ, අමාත්‍ය නානායක්කාර පරීක්ෂණයක් ඉල්ලා සිටියේය.
අමාත්‍ය නානායක්කාර මන්ත්‍රීවරයාගේ තොරතුරුවලට ‘ආචාර්‍ය’ ඇතුළත් කිරීම හිතාමතා කළ දෙයක් දැයි පොලිසිය පරීක්‍ෂා කරමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර, මාධ්‍ය හමුවක් අමතමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ කියාසිටියේ නානායක්කාර අමාත්‍යවරයා ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිළිබඳ තොරතුරු සභානායක කාර්යාලය විසින් පාර්ලිමේන්තු වෙබ් අඩවියට ඇතුළත් කිරීම සඳහා යවා ඇති බවයි.
(The Island)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart