
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2025 වසරේ ‘අස්වැසුම’ සුබසාධන වැඩසටහනේ ප්‍රතිලාභීන් සඳහා මාසික ගෙවීම් ඇතුළත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව පහත පරිදි ගෙවීම් සිදුකෙරෙනු ඇත.
• අතිශයින් දුප්පත් – මසකට රු. 17,500 (ජනවාරි-ජුනි)
• දුප්පත් – මසකට රු. 10,000 (ජනවාරි-ජුනි)
• අවදානමට ලක්විය හැකි – මසකට රු. 5,000 (ජනවාරි-දෙසැම්බර්)
• සංක්‍රාන්ති – මසකට රු. 5,000 (ජනවාරි-මාර්තු)
ඒ අනුව, 2024 මැයි 17 දින නිකුත් කරන ලද ‘අස්වැසුම’ සුබසාධන ගෙවීමේ යෝජනා ක්‍රමය අවලංගු කර තිබේ.
කෙසේවෙතත්, ගෙවීම් ප්‍රමාද වූ ප්‍රතිලාභීන් සඳහා පෙර යෝජනා ක්‍රමය යටතේ ගෙවීම් 2024 දෙසැම්බර් 31 දක්වා දිගටම කෙරෙනු ඇත.
වැඩසටහන සඳහා තවමත් තෝරාගෙන නොමැති අයැදුම්කරුවන්ට ඔවුන්ගේ සුදුසුකම් තහවුරු වූ පසු ගෙවීම් ලැබෙනු ඇතැයි රජය කියයි.
අභියාචනා ගොනුකර ඇති, සුදුසුකම් තහවුරු කරගැනීම සඳහා පරීක්ෂණ පැවැත්වීමට නියමිත පුද්ගලයන් මෙයට ඇතුළත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart