
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ධුර කාලය අවසන් වීමෙන් පසු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අහෝසි කරන්නේද නැතහොත් එය තවදුරටත් පවත්වා ගන්නේද යන්න රජය තවමත් තීරණය කර නොමැති බව වාර්තා වේ.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී භූමිකාවේ අනාගතය සම්බන්ධයෙන් රජයේ සැලසුම් පිළිබඳව විමසූ විට කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවැසුවේ එය අඛණ්ඩව පවත්වාගෙන යෑම හෝ අහෝසි කිරීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.
ජෙනරාල් සිල්වාගේ ධූර කාලය 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන බව අමාත්‍ය ජයතිස්ස තහවුරු කළ අතර, රජය තවමත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටී.
ජෙනරාල් සිල්වා ප්‍රථම වරට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස 2022 ජුනි 1 වැනි දින පත්කරන ලද අතර, 2024 ජුනි 1 වැනි දින එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම වසර අවසානය දක්වා පවතින ධුර කාලය සඳහා නැවත ඔහුව පත්කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart