
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි හේතුවෙන් බන්ධනාගාරගත වන සංඛ්‍යාව වැඩිවීම බන්ධනාගාරවල පවතින අසාමාන්‍ය තදබදයට හේතු වී තිබෙන බවත්, මොවුන් බහුතරය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් වන නිසා ඔවුන් කවර ආකාරයකින් හෝ බන්ධනාගාරය තුලදී මත්ද්‍රව්‍ය ලබාගැනීමට උත්සාහ කිරීම හේතුවෙන්, බන්ධනාගාරයේ අරමුණුවලට ලඟාවීම මෙන්ම, බන්ධනාගාරයේ ආරක්ෂාව හා ක්‍රියාකාරිත්වයට ගැටළු මතුවී තිබෙන බවත් ජාතික විගණන මහලේකම් කාර්යාලය සිදුකරන ලද විගණන පරීක්ෂණයකදී හෙළිවී තිබේ
2023 ජනවාරි 01 සිට අගොස්තු 27 දිනට මීගමුව බන්ධනාගාරයේ සමස්ත රැදවියන් 2225න් 1442 ක් මත්ද්‍රව්‍ය වැරදි හේතුවෙන් සිරගතවූවන් බවත්, එම ප්‍රමාණය සමස්තයෙන් 65%ක් බවත් විගණන වාර්තාව පෙන්වා දී ඇත.
2023 සැප්තැම්බර් 19 දක්වා කළුතර බන්ධනාගාරයේ මුළු රැදවියන් 1275න් 885 ක් මත්ද්‍රව්‍ය වැරදි හේතුවෙන් සිරගතවූවන් බවත් එම ප්‍රමාණය 69%ක් බවත් විමණන වාර්තාවේ සදහන්ය.
අගුණකොලපැලැස්ස, කළුතර, මීගමුව බන්ධනාගාරවල පමණක් පොලිසිය රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යවන ලද මත්ද්‍රව්‍යවලට අදාළ රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීමෙන් පමණක් රැදවියන් 1421ක් රක්ෂිත බන්ධනාගාරවල සිටින බවද විගණන වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
පිළිගත් අන්තර්ජාතික ප්රමිතීන් හා බන්ධනාගාර ආඥා පනතට අනුව රැඳවියන්ගේ මානසික හා ශාරීරික යෝග්‍යතාවට අනුව, බන්ධනාගාරවල ඉඩ පහසුකම් තිබිය යුතු වුවත්, බන්ධනාගාර ආයතන වාට්ටු 05ක, සිර වාට්ටු 62ක වැඩිපුර රැදවියන් 2601 ක් රදවා තිබූ බවත්, අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ වාට්ටු 12ක රැදවියන් 127ක් අඩුවෙන් රදවා තිබූ බවත් ජාතික විගණන මහ ලේකම් කාර්යාලය පෙන්වා දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart