
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළු වී තිබුණේ අසනීප තත්වයකට ප්‍රතිකාර ලබාගැනීම සඳහාය.
ඇය රාත්‍රියක රෝහලට පැමිණ සැලකිව වේලාවක් ගතවන තුරුත් කිසිවකුත් ඇය ජනාධිපති අනුරගේ මව ලෙස හඳුනාගෙන නොතිබිණි.
වාර්තා වන ආකාරයට ඇය ඒ බවක් කියන්නට ගොස් තිබුණේද නැත.
පසුව ජනපති අනුරද ඇයව පෞද්ගලික රෝහලකට ඇතුළු කිරීමට හෝ කොළඹට ගෙන ඒමට උත්සාහ කර තිබුණේ නැත.
වාර්තා සඳහන් කරන්නේ, රෝහලට කතාකර කිසිදු විශේෂත්වයක් කරන ලෙස හෝ ඉල්ලා නොතිබුණු බවයි.
කෙසේවෙතත් පසුගිය දාක මහනුවරට ගොස් මහ නාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව ආපසු එන ගමනේදී ජනපති අනුර මව බැලීමට අනුරාධපුරයට ගොස් තිබිණි.
ඔහු රෝහලට යන තුරුම එහි කිසිවකුත් ඔහුගේ පැමිණීම දැනසිට නැත.
මෙහි දැක්වෙන්නේ ඔහු මව සමීපයේ සිටින අවස්ථාවේදී අසල සිටි යමකු විසින් ලබාගත් ඡායරුපයකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart