
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2022 සිට 2024 සැප්තැම්බර් දක්වා තම පාලන කාලය තුළ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා වූ මහජන නියෝජිතයන්ගේ පෞද්ගලික ඉල්ලීම් සියල්ල ජනාධිපති අරමුදලේ සම්මත පරිපාලන ක්‍රියාපටිපාටි යටතේ සිදු කළ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කරයි.
එක් සිද්ධියකට හැර කිසිදු පුද්ගලයකුට රුපියල් ලක්ෂ 10 ඉක්මවන මුල්‍ය ආධාර ලැබී නොමැති බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
මෙම කාලසීමාව තුළ සිදු කරන ලද කැපී පෙනෙන ගෙවීම් කිහිපයක් අදාළ නිවේදනයේ ප්‍රකාශයේ විස්තර කර ඇත.
බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන ඇමැති ඊ.ඒ.ඉසුර දේවප්‍රිය පෙරේරා නවලෝක රෝහලේ සිදුකළ හදවත් සැත්කමක් සඳහා රුපියල් මිලියනයක්,
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී යූ.සරත් කෝන්ගහගේට ලංකා හොස්පිට්ල්ස් හි හදවත් සැත්කමක් සඳහා රුපියල් ලක්ෂ පහක්,
S.C. මුතුකුමාරණ හිටපු මන්ත්‍රීවරයාට Vision Care වෙතින් ශ්‍රවණාධාර මිලදී ගැනීමට රුපියල් ලක්ෂ 4ක්,
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ඒ ජගත් කුමාරට ආසිරි රෝහලේදී හදවත් සැත්කමක් සඳහා රුපියල් මිලියනයක් ඒ අතර වේ.
මේ අතර ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකාට ඉන්දියාවේ ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා චෙන්නායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය හරහා රුපියල් මිලියන 5ක මුදලක් ලබාදුන් බව එම නිවේදනයේ සඳහන් වේ.
ෆොන්සේකා දේශීය කලා හා සිනමා කර්මාන්තයට කළ සුවිශේෂී දායකත්වය අගයමින් මෙම සහයෝගය ලබා දුන් බව වික්‍රමසිංහ සඳහන් කර ඇත.
පසුගිය වසර දෙකක කාලය තුළ තවත් කලාකරුවන් කිහිප දෙනෙකුට ද මෙවැනිම ආධාර ලැබී ඇති බව ඔහු සඳහන් කළේය.
පසුගිය දෙවසර තුළ වෛද්‍ය ප්‍රතිකාර සඳහා රුපියල් මිලියන 100 ඉක්මවන මූල්‍ය ආධාර ජනාධිපති අරමුදලින් ලබා දී ඇති බව වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.
සත්කාර අවශ්‍ය රෝගීන්, අයදුම්කරුවන් සහ ළමුන් සඳහා සහාය මෙයට ඇතුළත් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart