
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගාල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය පවසන්නේ මෙලෙස මියගොස් ඇත්තේ 38 හැවිරිදි පැතුම් නොහොත් ‘ලොක්කා’ නමැති අයකු බවයි.
එම අවස්ථාවේ ඔහු සමඟ සිටි ඔහුගේ බිරිඳ තුවාල ලබා රෝහල් ගතකර ඇත.
මෙම අඹුසැමි යුවළ ගාල්ලේ සිට කොළඹ දෙසට යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.
මියගිය පුද්ගලයා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය සඳහන් කරයි.
වෙඩි තැබීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් හෙළිවී නොමැති අතර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart