
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව අන්තර් හුවමාරුව අසලදී අද (21) අලුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය තහවුරු කළේ අනතුරින් තවත් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
කොට්ටාවේ සිට ගාල්ල දෙසට ධාවනය වූ වෑන් රථයක් ඊට ඉදිරියෙන් ගමන් ගත් ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් තුවාල ලැබූ 62 හැවිරිදි පුද්ගලයකු සහ තවත් මගියකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.
කාන්තාවන් තිදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart