
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිල නිවසේ ජල බිල්පත සම්බන්ධයෙන් ගැටළුවක් මතුව තිබේ. එම ගැටලුව පිළිබඳව අවධානය යොමු කර වැඩිදුර උපදෙස් ලබා ගන්නා ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ කාර්යාලය ජනාධිපති ලේකම් කාර්යාලයට ලිඛිතව දැනුම් දී තිබේ.
හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලය විසින් යොමු කරන ලද ලිපියේ සඳහන් වන්නේ පසුගිය මාසයේ ජල බිල්පත රු. 46,000ක් බවයි. මෙයට පෙර එම නිවසේ පදිංචිකරුවන් විසින් නොගෙවූ හිඟ මුදල් ඊට ඇතුළත් වී තිබේ. ඒ නිසා අදාළ ලිපියෙන්, එම කටයුත්ත ඉදිරියට ගෙන යා යුතු ආකාරය පිළිබඳ වැඩිදුර උපදෙස් ඉල්ලා ඇත.
කෙසේවෙතත්, කලින් පදිංචිකරුවන් විසින් අත්හැර දමා ඇති බිල්පත් හිටපු ජනාධිපතිවරයා විසින්ද ගෙවිය යුතු ඇතැයි, ඔහුගේ පාර්ශ්වයෙන් තර්ක කෙරෙන බව වාර්තා සඳහන් කරයි.
(sunday times)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart