
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මීට දින කීපයකට පෙර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් එප්පාවල නල්ලමුදාව ප්රදේශයේ යෝධ ඇල රක්ෂිතයේ රෝපණය කරන ලද පැළ වර්ග දෙදහසක් (2000)ක් පමණ කිසියම් පිරිසක් විසින් ගලවා දමා ඇති බව එම දෙපාර්තමේන්තුවේ එප්පාවල බීට්ටු වන කාර්යාලයේ නිලධාරියෙකු විසින් එප්පාවල පොලිසියට පැමිණිලි කොට ඇත.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ එප්පාවල නල්ලමුදාව කාර්යාලයේ බීට්ටුවන නිලධාරීවරයෙකු විසින් එකී පැමිණිල්ල ඉදිරිපත් කොට තිබේ.
ඒ අනුව මීක්, කුඹුක්, කරඳ සහ කොහොඹ යන පැල වර්ග මෙසේ ගලවා දමා ඇති බව එම නිලධාරියා සිය පැමිණිල්ල මගින් ඉදිරිපත් කොට ඇත.
එම පැළ ගැලවීමට පුද්ගලයන් හය දෙනකු සම්බන්ධ බවත් ඔවුන්ගේ නම් සහ ලිපිනයන්ද එම නිලධාරියා පැමිණිල්ල සමගින් ඉදිරිපත් කොට ඇති බව එප්පාවල පොලිසිය පවසයි.
එප්පාවල නල්ලමුදාව ප්රදේශයේ ජනතාව විසින්ම පවත්වාගෙන යන ගව පාලනය සහ හේන් වගාවලට නිරන්තරයෙන් සිදුවන වන අලි කඩාවැදීම නිසා තමන්ට සිදුකරන අලාභහානි වළක්වා එම වන අලි වෙනත් ප්රදේශයකට පලවාහරින ලෙසට ඉල්ලා සිටිමින් එම ප්රදේශවාසීන් පිරිසක් පෙරේදා (17) නල්ලමුදාව ප්රදේශයේදී උද්ඝෝෂණයක් පවත්වා ඇති බවත්, ඉන් අනතුරුව එම උද්ඝෝෂණයට සහභාගී වූ පිරිසෙන් පුද්ගලයන් කීපදෙනකු විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් යෝධ ඇල රක්ෂිතයේ රෝපණය කරන ලද එම පැළ වර්ග මෙසේ ගලවා දමා ඇති බවත් පොලිසිය වැඩිදුරටත් පවසයි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා එප්පාවල පොලිසිය වැඩිදුර පරීක්ෂරණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart