
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට තම මන්ත්‍රීවරුන් ද සහාය දක්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
පාලක ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් තහවුරු කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පිහිටුවීමට නිර්දේශ කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය සහ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ තීරණය කර ඇති බව පසුගියදා වාර්තා විය.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසා ඇත්තේ සියලුම මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සොයා බැලීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සහාය දක්වන බවයි.
“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට නිසි අධ්‍යාපන සුදුසුකම් නොමැති බවට ඇතැම් පුද්ගලයන් ප්‍රකාශ කර තිබෙනවා. සියලුම මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුස්දුසුකම් සමාලෝචනය කිරීමට තේරීම් කාරක සභාවක් පත් කළහොත් එය මෙවැනි අසත්‍ය චෝදනා නැති කිරීමටත් අපේ මන්ත්‍රීවරුන්ගේ සුදුසුකම් ඔප්පු කිරීමටත් උපකාරී වෙයි” යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබේ.
පාර්ලිමේන්තුවේ හිටපු කථානායක සහ වත්මන් ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වලගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ සාකච්ඡා හමුවේ තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවට වාර්තා පළ විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart