
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තමාට අධ්‍යාපන සුදුසුකම් නොමැති බවත්, ව්‍යාජ වෘත්තිකයකු ලෙස පෙනීසිටින බවත් පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන චෝදනා සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය ජයකොඩි කියාසිටියේ “ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට අපහාස කිරීමේ සංවිධානාත්මක උත්සාහයක්” මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.
සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමේ මෙම ව්‍යාපාරයක් එරෙහිව තම පක්ෂය දැඩි ස්ථාවරයක සිටින බවද අමාත්‍යවරයා පැවසීය.
“අපි පක්ෂයක් විදියට තීරණය කළා මේ පරාජිත දේශපාලනඥයන් කරන බොරුව හෙළි කළ යුතුයි කියලා.” ඔහු සඳහන් කළේය.
පාර්ලිමේන්තු දත්ත ගබඩාවේ ඇති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 30 දෙනෙකුගේ පමණ තොරතුරුවල සාවද්‍ය තොරතුරු අඩංගු වන බව පෙනෙන බවද අමාත්‍ය ජයකොඩි පෙන්වාදුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart