
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කීර්තිමත් තබ්ලා වාදන ශිල්පියෙකු වන විශාරද සකීර් හුසේන් මියගොස් තිබේ.
ඔහු අමෙරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය බව ඔහුගේ පවුලේ ඥාතීහු ප්‍රකාශ කළහ.
මියයන විට විශාරද සකීර් හුසේන් 73 වියේ පසුවිය.
සකීර් හුසේන් මියගියේ idiopathic pulmonary fibrosis රෝගී තත්ත්වය නිසා ඇති වූ සංකූලතා නිසා බව පවුලේ ඥාතීන් ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත.
පසුගිය සති දෙකක කාලය තුළ ඔහු රෝහල්ගතව සිටි අතර ඔහුගේ තත්ත්වය නරක අතට හැරීමෙන් පසුව දැඩි සත්කාර ඒකකයට මාරු කර තිබිණි.
හුසේන්ගේ සහෝදරිය කුර්ෂිඩ් අවුලියා පැවසුවේ ඔහු ‘ඉතා සාමකාමීව’ අභාවප්‍රාප්ත වූ බවයි.
ඔහුගේ පරම්පරාවේ විශිෂ්ටතම තබ්ලා වාදකයා ලෙස සැලකෙන සකීර් හුසේන් ඇන්ටෝනියා මිනෙකෝලා සමග විවාහ වී සිටි අතර ඔවුන්ගේ දියණියන් අනීසා කුරේෂි සහ ඉසබෙලා කුරේෂි යි.
1951 මාර්තු 9 වැනි දින උපත ලද සකීර් හුසේන් ජනප්‍රිය තබ්ලා විශාරද උස්තාද් අල්ලා රඛාගේ පුත්‍රයායි.
වයස අවුරුදු හතේ සිට, ඔහු රවි ශංකර්, අලි අක්බර් ඛාන් සහ ශිව්කුමාර් ෂර්මා ඇතුළු ඉන්දියාවේ ප්‍රකට කලාකරුවන් සමඟ ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ සහයෝගයෙන් කටයුතු කළේය.
Yo-Yo Ma, Charles Lloyd, Bela Fleck, Edgar Meyer, Mickey Hart සහ George Harrison වැනි බටහිර සංගීතඥයන් සමඟ ඔහු කළ පෙරළිකාර සංගීත නිර්මාණ ඉන්දියානු සම්භාව්‍ය සංගීතය අන්තර්ජාතික තලයට ගෙනගියේ ගෝලීය සංස්කෘතික තානාපතිවරයකු ලෙස ඔහුගේ තත්ත්වය තහවුරු කරමිනි.
සකීර් හුසේන් ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ ග්‍රැමී සම්මාන හතරකින් පිදුම්ලබා තිබේ.
ඉන්දියාවේ වඩාත්ම කීර්තිමත් ශාස්ත්‍රීය සංගීතයකු වන මෙම තබ්ලා වාදකයා 1988 දී පද්ම ශ්‍රී, 2002 දී පද්ම භූෂණ සහ 2023 දී පද්ම විභූෂණ සම්මාන ද හිමිකර ගත්තේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart