
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරු සංඛ්‍යාව නව සීමානිර්ණය කිරීම්වලට අනුව අඩකින් අඩුකිරීමෙන් අනතුරුව ඉදිරි මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි වාර්තා වේ. නව සීමානිර්ණ වාර්තාවට අනුව පළාත් පාලන පළාත් පාලන නියෝජිතයන් සංඛ්‍යාව 4,714ක් දක්වා අඩු කිරීමට යෝජනා වී තිබේ.
කෙසේවෙතත්, නව සීමානිර්ණ වාර්තාවට අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකිවන්නේ ඊට අදාළ යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමෙන් අනතුරුව පමණකි. මේ වන විට ඒ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය තුළ සාකච්ඡා ආරම්භ වී ඇතැයි පැවැසේ. ඒ අනුව දැනට පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවා ඇති නාමයෝජනා ඉදිරියේදී අහෝසි කෙරෙනු ඇත.
මේ සම්බන්ධයෙන් ඊයේ(22) අකුරැස්ස ප්‍රදේශයේ පැවති උත්සවයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මෙසේ සඳහන් කළේය.
“මේ අපේක්ෂකයන්ට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. රස්සාව කර කර හිටියා ආණ්ඩුවේ. ඡන්දය ඉල්ලන්න කිව්වාම ඉල්ලුවා. ඉල්ලපු ගාණට පඩි නැහැ. මොකද රස්සාවෙන් නිවාඩු අරගෙන. දැන් මේක කල් ගිහිල්ලා දැන් මොකක්ද කරන්නේ ? දැන් ලොකු අමාරුවක වැටිලා තියෙන්නේ. දැන් අපි කථා වෙනවා කොහොමද මේක කරන්නේ කියලා. මම හිතන්නේ ලබන සුමානේ විතර වෙනකොට හරියයි. මූලික පඩිය දෙන්න කියලා කිව්වා. අපි කියන්නේ නැහැ සම්පූර්ණ පඩිය දෙන්න කියලා. ඇතැම් වෙලාවට අර සීමා නිර්ණයෙන් හදලා තියෙනවානේ කොට්ඨාස අඩුකරලා. ඒ කොට්ඨාස අඩුකරලා හැදුවාම පළාත් පාලන ඡන්ද ක්‍රමයත් වෙනස් වෙන්න අවශ්‍යයි රටට සහ ආර්ථිකයට ගැලපෙන විදිහට. එහෙම කරනවානම් පාර්ලිමේන්තු පනතක් එන්න අවශ්‍යයි එතකොට මේක සම්පූර්ණයෙන් අහෝසි කරලා අලුතෙන් නාම යෝජනා අරගෙන අලුතෙන් යන්න පුළුවන්. එතකොට නැවත පඩිය ලැබෙනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart