
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ කේට් මිඩ්ල්ටන් කුමරිය බ්‍රිතාන්‍ය රජු සහ රැජිණ ලෙස අනාගත භූමිකාවන් භාරගැනීමට සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ.
එම කටයුතු පෙර සූදානම් කර තිබුණාට වඩා කඩිනමින් සිදුකෙරෙන බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
බ්‍රිතාන්‍යයේ රාජකීය පවුල තුන්වැනි චාල්ස් රජුගේ සෞඛ්‍ය ගැටළු හේතුවෙන් මෙම වසරේදී ඔහු අභියෝග රැසකට මුහුණ දී සිටියි.
එමෙන්ම බ්‍රිතාන්‍ය රජ කිරුළේ මීළග හිමිකරු වන වේල්සයේ කුමරු ලෙස නම්දරා සිටින විලියම් කුමරු සහ වේල්සයේ කුමරිය වන කේට් මිඩ්ල්ටන් ද මෙම වසරේදී මුහුණ දුන්නේ අභියෝගාත්මක කාලවකවානුවක ය.
විශේෂයෙන් 42හැවිරිදි වියේ පසුවන කේට් මිඩ්ල්ටන් මෙම වසර මුලදී පිළිකා රෝගී තත්ත්වයක් සඳහා සිය ප්‍රතිකාර ආරම්භ කළාය.
ජනවාරි මාසයේ නියමිත උදර ශල්‍යකර්මයේදී ඇයගේ රෝග විනිශ්චය කිරීමෙන් පසුව, ඇය වසරේ වැඩි කාලයක් විවේකයෙන් කාලය ගත කළ අතර, ඒ හමුවේ විලියම් කුමරු ද පවුලේ කටයුතු හේතුවෙන් ඔහුගේ පොදු කටයුතු අඩුකළේය.
කේට් කුමරිය දැන් සුවය ලබමින් සිටීම හේතුවෙන් මෙම යුවළ ක්‍රමයෙන් ඔවුන්ගේ පොදු රාජකාරි ආරම්භ කර ඇත.
රාජකීය චරිතාපදාන රචකයකු වන Sally Bedell Smith ට අනුව, මෙයින් අදහස් කළේ විලියම් අවසානයේ සිහසුනට පත්වීම සඳහා වන සූදානම වේගවත් කිරීමයි.
“රජතුමා සාමාන්‍ය අධිෂ්ඨානයෙන් තම රාජකාරිය කරගෙන ගියත්, පිළිකා ප්‍රතිකාරයේදී ඔහුට සීමාවන් පිළිගැනීමට සිදුවී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, විලියම් වැඩි වගකීම් භාරගෙන ඇති අතර, ඔහු සහ කේට් ඔවුන්ගේ අනාගත භූමිකාවන් සඳහා ඔවුන් බලාපොරොත්තු වූවාට වඩා ඉක්මනින් සූදානම් වෙමින් සිටිති”බෙඩෙල් ස්මිත් පීපල්ස් සඟරාව වෙත තොරතුරු ලබා දී තිබේ.
අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් චාල්ස් රජු සිය වැඩිමහල් පුත්‍රයා වන විලියම් කුමරු ප්‍රධාන සිදුවීම් වලදී රාජාණ්ඩුව නියෝජනය කිරීමට පොළඹවා ඇත.
ඒ අනුව ලෝක නායකයන් රැසකගේ සහභාගීත්වයෙන් ඉකුත් දෙසැම්බර් 7 වන දින පැරිසියේ නෝත්‍රදාම ආසන දෙව්මැදුර නැවත විවෘත කිරීමේ උත්සවය සඳහා ද බ්‍රිතාන්‍ය රජු නියෝජනය කරමින් සහභාගී වී සිටියේ විලියම් කුමරු වීම විශේෂත්වයකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart