
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, මහාචාර්ය සහ සහකාර මහාචාර්ය යන තනතුරු භාවිත කළ හැක්කේ ඔවුන් එම අධ්‍යාපන ආයතනයේ හෝ උසස් අධ්‍යාපන ආයතනයේ සේවය කරන කාලය තුළ පමණක් බව සඳහන් කරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හිටපු සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග විසින් පසුගිය ජූලි මාසයේ චක්‍රලේඛයක් මගින් සියලු විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, සරසවි මණ්ඩප ප්‍රධානීන් හා උසස් අධ්‍යාපන ආයතන අධ්යක්ෂවරුන් වෙත දන්වා තිබේ.
කෝප් කමිටුව මගින් ලබා දී ඇති නිර්දේශ අනුව 2024-07-03 වැනි දින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පැවැති 1120 වැනි හමුවේදී මෙම තීරණයට එළඹ ඇතැයි එහි සඳහන් වේ.
මහාචාර්යවරුන් තනතුරෙන් විශ්‍රාම ගැනීමෙන් පසු කිසියම් විශ්ව විද්‍යාලයක් මගින් ප්රදානය කළහොත් පමණක් සම්මානිත මහාචාර්ය යනුවෙන් භාවිත කළ හැකිය.
එහෙයින් අලුතින් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, මහාචාර්ය සහ සහකාර මහාචාර්ය තනතුරු ලබාදීමේදී ඔවුන්ගේ පත්වීම් ලිපිවල ඉහත කී නව වගන්තිය ඇතුළත් කරන ලෙසට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සියලු විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, සරසවි මණ්ඩප ප්‍රධානීන් හා උසස් අධ්‍යාපන ආයතන අධ්යක්ෂවරුන් වෙත දන්වා තිබේ.



Adding {{itemName}} to cart
Added {{itemName}} to cart