
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2025 පෙබරවාරි මස අවසානය දක්වා ශ්‍රී ලංකාවේ පොල් අස්වැන්න අඩු වනු ඇති අතර පොල් මිල ඉහළ මට්ටමක පවතිනු ඇතැයි පොල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය එන්.එස්.ආරච්චිගේ පවසයි.
අප්‍රේල් මාසය අවසන් වනතුරු ලැබීමට නියමිත පොල් අස්වනු ගැන පොල් පර්යේෂණ ආයතනය පුරෝකථනය කර තිබූ බව ද ආචාර්ය අරච්චිගේ සඳහන් කරයි.
“ශ්‍රී ලංකාවේ වගාකරුවන් සාමාන්‍යයෙන් මාස දෙකකට වරක් පොල් නෙළා ගන්නවා. අපගේ ගණනය කිරීම්වලට අනුව ශ්‍රී ලාංකිකයන් වාර්ෂිකව පොල් මිලියන 300ක් පමණ පරිභෝජනය කරනවා. ජනවාරි/පෙබරවාරි අස්වනු නෙළන කාලය තුළ අස්වැන්න ගෙඩි මිලියන 370ක් පමණ වෙයි” යනුවෙන් ඇය පැවසුවාය.
මාර්තු සහ අප්‍රේල් මාසවල අස්වැන්න වැඩි වනු ඇති බවත් එම මාස දෙක තුළ පොල් පර්යේෂණ ආයතනය ගෙඩි මිලියන 480ක් පමණ අපේක්ෂා කරන බවත් අරච්චිගේ සඳහන් කළාය.
“එම අනුපාතයට අනුව ඉල්ලුමේ ප්‍රමාණය දැන් තිබෙන තත්ත්වයට වඩා අඩුයි. එවිට මිල අඩු වේවි,” පොල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂවරිය අනාවැකි පළ කළාය.
මේ අතර, පොල් වගා කිරීමේ මණ්ඩලයේ (CCB) සභාපති සමන් දේවගේ පවසන්නේ රජය සතුව පොල් අක්කර 20,000ක් පමණ තිබෙන අතර ඔවුන් මේ වන විට එම වතුවලින් ලැබෙන අස්වැන්නෙන් නාගරික වෙළෙඳපොළට පොල් සැපයීමට කටයුතු කරන බවයි.
“පොල් වගා කිරීමේ මණ්ඩලය සතුව පොල් අක්කර 3000ක් පමණ තිබෙනවා. පොල් පර්යේෂණ ආයතනය සතුව අක්කර 2000ක් පමණ තිබෙනවා. කුරුණෑගල, හලාවත වැනි වතු කිහිපයක් ද රජය සතුයි. සමස්තයක් වශයෙන්, පොල් අක්කර 20,000ක් පමණ රජය සතුයි. අපි දැන් දිනකට පොල් ගෙඩි ලක්ෂ දෙකක් පමණ නාගරික මධ්‍යස්ථානවලට සපයනවා,”යනුවෙන් ඔහු පැවසීය.
2024 දෙසැම්බරයේදී ගොවීන් පොල් වගාවට පොහොර යෙදුවද එහි ප්‍රතිඵලය දකින්නට ලැබෙන්නේ වසර දෙකහමාරකින් පමණක් බවද දේවගේ පෙන්වා දෙයි.
“හෙට පොහොර යෙදීම ආරම්භ කළත් එහි ප්‍රතිඵල අපට පෙනෙන්නේ 2027දීයි. මෙය කෙටිකාලීනව නැවත පණ ගැන්වීමට පහසු වගාවක් නෙවෙයි. දශක ගණනාවක් තිස්සේ අපි පොල් වගාව නොසළකා හැරලා දැන් ඒකට වන්දි ගෙවමින් ඉන්නේ” යනුවෙන් ඔහු පවසයි.
රජයට අවශ්‍ය වී ඇත්තේ වසරකට පොල් නිෂ්පාදනය බිලියන 4.5 දක්වා වැඩිකර ඩොලර් බිලියන 1.5ක අපනයන ආදායමක් උපයා ගැනීමට බව ඔහු සඳහන් කරයි.
කප්රුක සමාජ නැවත පණ ගැන්වීම වැනි වැඩසටහන් ද ඒ යටතේ හඳුන්වා දී ඇත.
“ඉදිරි මාසවලදී අපි පොහොර සහනාධාරය, අඩු පොලී ණය සහ පොල් ඉඩම් සංවර්ධනය කිරීමට තාක්ෂණික සහාය ලබා දෙනවා. තව ගොඩක් දේවල් කරන්න තියෙනවා. පරණ ගස් වෙනුවට පොල් නැවත සිටුවන්නත් ඕන. අපගේ ගණනය කිරීම්වලට අනුව වගාකරුවන්ට සෑම වසරකම ගස්වලින් සියයට 10ක් පමණ නැවත සිටුවිය යුතුය. බොහෝ ගස් පැරණි නිසා අඩු අස්වැන්නක් ලබා දෙන්නේ, ”යැයි ඔහු පෙන්වා දෙයි.
“සෑම පොල් හෙක්ටයාරයකින්ම අවම වශයෙන් වාර්ෂිකව රුපියල් මිලියන තුනක්වත් උපයා ගත යුතුයි. ඇතැම් වතු හිමියන් මෙම මූල්‍ය ඉලක්ක සපුරා ගැනීමට අරගල කරලා පසුව බැරි වුණාම සිය මෙහෙයුම් අත්හැර දමා තිබෙනවා.” යැයි ද ඔහු සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart