
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට රාජ්‍ය අංශය තුළ දූෂණයට ඉඩ සැලසීම සඳහා පෞද්ගලික අංශය ප්රමුඛ කාර්යභාරයක් ඉටු කරන බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් මෑතකදී කරන ලද දූෂණය පිළිබඳ අධ්‍යයනයකින් හෙළිවී තිබේ.
පර්යේෂණය මගින් ශ්‍රී ලංකාවේ දූෂණයේ ‘සැපයුම් පැත්ත’ ලෙස පෞද්ගලික අංශය හඳුනාගෙන ඇති අතර, පෞද්ගලික අංශය තුළ දූෂණයේ ඉහළම අවස්තාව ඇත්තේ පෞද්ගලික ආයතන රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධ වූ විට බව සඳහන් කරයි.
වාර්තාවට අනුව මහජන සේවාවන් නියමිත වේලාවට ලබා ගැනීම සඳහා පෞද්ගලික සමාගම් බොහෝ විට නිලධාරීන් තෘප්තිමත් වන විවිධ දේවල් දෙයි.
එම වාර්තාව පෙන්වා දෙන්නේ රාජ්‍ය අංශය සමඟ ගනුදෙනු කිරීමේදී එවැනි ක්‍රියාකාරකම් ප්‍රතික්ෂේප කිරීම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී සැළකිව යුතු ප්‍රමාදයක් ඇති කළ හැකි අතර එමඟින් සමාගමට මූල්‍යමය පාඩු සිදුවිය හැකි බවය.
මේ අනුව ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකාවේ සුරාබදු දෙපාර්තමේන්තුව පෞද්ගලික සමාගම් සමග සම්බන්ධ වන වඩාත්ම දූෂිත රාජ්‍ය අංශයේ ආයතන ලෙස චෝදනා ලැබ තිබේ.
එපමණක් නොව, පෞද්ගලික අංශයේ ආයතන දේශපාලනය සමග සම්බන්ධ වෙමින් වෙළඳපොළ හැසිරවීම සඳහා ඒකාධිකාරයක් ඇති කරන බවට ද චෝදනා එල්ල වේ.
මෙම සංස්කෘතියට බලපාන ප්‍රධාන සාධක වන්නේ රාජ්‍ය අංශය දේශපාලනීකරණය වීම, දූෂණයට විසඳුම් සෙවීමට දේශපාලන අධිෂ්ඨානයක් නොමැතිකම සහ දූෂණ විරෝධී ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සම්පත් හා යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම බව වාර්තාවේ දැක්වේ.
“දූෂණය සඳහා අවදානමක් ඇති කරන ප්‍රධාන අවදානම් සාධකයක් වන්නේ නීතිය දුර්වල ලෙස ක්‍රියාත්මක කිරීම බව ඇතැම් ආයතන ප්‍රකාශ කර තිබෙනවා. පොදු ලැයිස්තුගත සමාගම් දැඩි ලෙස නියාමනය කර ඇතත්, ඒවායේ ලැයිස්තුගත නොකළ අනුබද්ධිත සමාගම් එතරම් ඉහළ ප්‍රමිතියකට නියාමනය කෙරෙන්නේ නැහැ. මෙමගින් මව් සමාගමට ඔවුන්ගේ දූෂණය අනුබද්ධිත ආයතනයකට හෝ උප අනුබද්ධ ආයතනයකට පැවරීමට හැකියාව ලැබෙනවා” යනුවෙන් වාර්තාවේ සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ ආයතන වඩාත් ශක්තිමත් අල්ලස් හා දූෂණ විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කළ යුතු අතර වඩා හොඳ අභ්‍යන්තර පාලන යාන්ත්‍රණයක් සකස් කළ යුතු බව අධ්‍යයනය මගින් නිර්දේශ කර තිබේ.
රාජ්‍ය අංශය සඳහා වූ නිර්දේශ අතර නියාමන අධිකාරීන් ශක්තිමත් කිරීම, ක්‍රියාවලි ඩිජිටල්කරණය කිරීම සහ ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටි වැඩිදියුණු කිරීම ඇතුළත් වේ.
“පසුගිය දෙවසර තුළ මෙරට මහජනතාව දූෂණයේ බලපෑම පිළිබඳ වැඩි කෝපයක් පෙන්නුම් කර තිබෙනවා. එයින් පෙන්නුම් කරන්නේ මහජනතාවගේ දූෂණ විරෝධී රුචිය වැඩි වී ඇති බවයි. ශක්තිමත් දූෂණ විරෝධී වැඩසටහන් සහ ප්‍රතිපත්තිවලට පක්ෂව චර්යාත්මක වෙනස්කම් අනුගමනය කිරීමට සමාගම්වලට මෙය පෙළඹවීමක් ඇති කරනවා. දූෂණය පිටුදැකීමේ ප්‍රතිපත්ති අනුගමනය කිරීම ප්‍රබල පළමු පියවරක් ලෙස සළකන්න ඕනේ,”යනුවෙන් වාර්තාවේ සඳහන් වේ.



Adding {{itemName}} to cart
Added {{itemName}} to cart