
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අත්‍යවශ්‍ය උපකරණයක් බව පවසා කිසිදු ප්‍රතිඵලයක් නැති විද්‍යුත් ස්විචයක් මිලදී ගැනීමෙන් හිටපු රාජ්‍ය බැංකුවක සභාපතිවරයකු හා එහි නිලධාරියකු එක්ව සිදු කළ ඩොලර් මිලියන 5ක විශාල මුදල් වංචාවක් සම්බන්ධව විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.
එම බැංකුවේ ඩිජිටල් ක්‍රියාවලිය සාර්ථක කිරීම සඳහා ඉතාමත් අවශ්‍ය යැයි පෙන්වාදෙමින් මෙම විද්‍යුත් උපකරණය මිලදී ගැනීමට තීරණය කර තිබෙන්නේ, 2021-2022 වර්ෂවල බැංකුව බරපතළ මුදල් අර්බුදයක සිරවී තිබූ අවස්ථාවේය.
වහා මිලදී ගන්නා ලද මෙම විද්‍යුත් උපකරණය 2024 වර්ෂය අවසාන වන තුරුම ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී ඇති අතර බැංකුවේ ඉදිරි ක්‍රියාවලියට එයින් කිසිදු බාධාවක්ද පැමිණ නැත.
අවිධිමත් ලෙස ප්රදානය කළ ඉහත ටෙන්ඩරය ලබාගත් රුසියානු සමාගමේ දේශීය නියෝජිතයා වශයෙන් කටයුතු කළ තැනැත්තා මෙම වංචනික ක්‍රියාව සඳහා එවකට සිටි ජනාධිපති මාණ්ඩලික ප්‍රධානියාගේද සහාය ලබාගත් බව හෙළි වී ඇත.
මෙම කණ්ඩායම බැංකුවේ අධ්යක්ෂ මණ්ඩලයට ඒත්තුගන්වා තිබෙන්නේ ඉලෙක්ට්‍රොනික අරමුදල් හුවමාරු කටයුතු වර්ධනය කොට ඉදිරියට ගෙන යෑමට මෙම උපකරණය අත්‍යවශ්‍ය වන බවය.
තෙමසක් ඇතුළත මෙම විද්‍යුත් උපකරණය සේවයට එක් නොකළහොත් සමස්ත විද්‍යුත් අරමුදල් හුවමාරු කටයුතු සහ කළමනාකරණ පද්ධතිය සම්පූර්ණයෙන්ම අක්‍රිය වී බැංකුව වසා දැමීමට සිදුවන බවද මෙම කණ්ඩායම අවධාරණය කර තිබේ.
ඉතා සතුටුදායක මුදල් තත්ත්වයක් පැවැති වකවානුවක කරන ලද මෙම මහා වංචාව පිළිබඳව වහාම විමර්ශනය කිරීමට ආණ්ඩුව උපදෙස් දී ඇති බව වාර්තා වේ.(මව්බිම)



Adding {{itemName}} to cart
Added {{itemName}} to cart