
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රට තුළ පවතින පොල් හිඟය හේතුවෙන් මෙරට සතිපතා පවත්වනු ලබන පොල් වෙන්දේසිය අඛණ්ඩව දෙවැනි සතියටත් අත්හිටුවා තිබේ.
“අපිට වෙන්දේසියක් තියන්න තරම් පොල් ලැබුණේ නැහැ,” යැයි පොල් සංවර්ධන මණ්ඩලයේ නිලධාරියෙක් ජනමාධ්‍ය වෙත පවසා ඇත.
වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ දෙසැම්බර් 5 වැනිදා පාර්ලිමේන්තුවේදී කියාසිටියේ වෙළෙඳපොළේ පොල් හිඟයක් නොමැති බවයි.
දැනට පවතින තත්ත්වය මාෆියාවක් විසින් කෘත්‍රිමව ඇති කරන හිඟයක් බවත් ඔහු පැවැසුවේය.
ඔහු ඒ බව පැවසුවේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
පොල් සංවර්ධන අධිකාරියේ දේශීය වෙළෙඳපොළ සංඛ්‍යාලේඛනවලට අනුව දෙසැම්බර් 10 වැනි දින ලොකු ගෙඩි සඳහා තොග මිල රුපියල් 150-160ක් සහ කුඩා ගෙඩි සඳහා රුපියල් 120-140ක් විය.
සුපිරි වෙළෙඳසැල්වල පොල් ගෙඩියක් සිල්ලර ලෙස අලෙවි වූයේ 175ත් 190ත් අතර මිලකටය.
මේ අතර දේශීය පොල්තෙල් තොග මිල මෙට්‍රික් ටොන් එකක් රුපියල් 760,000.00 සිට 780,000.00 දක්වා විය.
සුදු පොල්තෙල් මෙට්‍රික් ටොන් එකක් රුපියල් 1,000,000 – 1,100,000 ලෙස ලැයිස්තුගත කර ඇත.
පොල්කටු මෙට්‍රික් ටොන් එකක් රුපියල් 42,000 සිට 43,000 දක්වා විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart