
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාඇළ ප්‍රදේශයේ ඉදිකරමින් පැවති සුපිරි තට්ටු නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය පෙන්වා පුද්ගලයින් 498 දෙනෙකුගෙන් රුපියල් කෝටි 20 කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ඉන් අගතියට පත්වූ පිරිස,එම සමාගමේ නිළධාරීන්, අදාළ පෞද්ගලික බැංකුවේ නිළධාරීන් හා සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය අතර හමුවක් පසුගියදා පවත්වා තිබේ.
අදාළ නිවාස ව්‍යාපෘතිය ඉදිකරමින් පවතින ඉඩම පෞද්ගලික බැංකුවට උකස් කර ඇති අතර මෙම ණය පියවීම සම්බන්ධයෙන් සමාගමට කිසිදු අදහසක් නොමැති බව මේ සාකච්ඡාවේදී තහවුරු වී ඇතැයි වාර්තා වේ.
මෙහිදී සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ (CMA) නිළධාරීන් තීරණයකට පැමිණ තිබුණේ, නැවත වතාවක්, සමාගම, බැංකුව හා CMA අතර ඉදිරි සතියක කාලය තුළදී හමුවක් පවත්වා, සමාගම අදාළ ව්‍යාපෘතිය අවසන් කරන කාල රාමුව කවරේද, බැංකුවට අයවිය යුතු මුදල් කෙලෙස අයකරන්නේද යන්න සම්බන්ධව නිශ්චිතව තීරණයකට පැමිණීමටය.
කෙසේවුවත්, පසුගිය දෙසැම්බර් 3 වැනිදා පැවැත්වීමට තිබූ මෙම සාකච්ඡාව මේ වන විටත් සිදුවී නොමැති බවට තොරතුරු වාර්තා වේ.
පෞද්ගලික බැංකුවට එම දේපළ වෙන්දේසි කිරීමට පනවා තිබූ වාරණ නියෝගය ඉවත් කිරීමෙන් පසු CMA හෝ විෂය භාර අමාත්‍යවරයා විසින් එම දේපළ අත්පත් කරගන්නා තෙක් විසඳුමක් ඉදිරිපත් කරන තුරු සමාගමෙන් නිවාස ඉදිකළ ද දැනට සිටින අනාගත ගැණුම්කරුවන්ට හෝ එහි දේපළ අයිතියක් හිමිනොවන බව වැඩිදුරටත් තහවුරු වී ඇතැයි පැවැසේ.
මෙම පසුබිම තුළ 2025 වසරේ මාර්තු 31 දක්වා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණයත් සමග අදාළ සමාගාම වෙත වෙත මුදල් ආයෝජනය කළ පිරිසගේ මුදල්වලට සිදුවන්නේ කුමක්ද යන්න ගැන නිශ්චිත අදහසක් ද නිවාස ව්‍යාපෘතියට මුදල් ආයෝජනය කළ පිරිසට නැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart