
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අවසානයේ ෆයිසර් මුස්තාපාගේ නම නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නම්කිරීමට තමාට සිදුවූයේ, එම මන්ත්‍රී ධුරය වෙනුවෙන් ඒකමතික තීරණයකට පැමිණීමට නොහැකි වූ නිසා බව එම පක්ෂයේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වෙත දැනුම්දී තිබේ.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා ෆයිසර් මුස්තාෆාගේ නම මැතිවරණ කොමිසම වෙත යොමුකරන බව පවසමින්, පක්ෂයේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා එජාප නායකයා වෙත ලිපියක් යොමුකරමින් මේ බව පවසා ඇත.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ඉතිරිව තිබූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා ඒකමතික තීරණයට පැමිණීමට අතිශය අසීරු වී ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් සන්ධාන පක්ෂ නායකයන්ගේ මෙන්ම ජනමාධ්‍ය මගින් ද තමාට දැඩි පීඩනයක් එල්ල වෙමින් ඇති බවද ඇය සඳහන් කරයි.
එබැවින් පක්ෂයේ දේශපාලන කමිටුව කැඳවා සාකච්ඡා කළ බවත්, එහි ඒකමතික තීරණය අනුව ජාතික ලැයිස්තු පුරප්පාඩුව සඳහා අවබෝධතා ගිවිසුමේ පාර්ශවකරුවන් බහුතරයකගේ තීරණය ලෙස ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆාගේ නම මැතිවරණ කොමිසම වෙත යොමුකළ යුතු බවත් ලිපියේ සඳහන් වේ.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart