
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2022 නොවැම්බර් මාසයේදී වියට්නාම වෙරළට ඔබ්බෙන් වූ බෝට්ටුවක් අනතුරට පත්වීමේ සිදුවීමේදී බේරාගත් ශ්‍රී ලාංකිකයන් 303 දෙනා අතර සිටි පුද්ගලයින් 23 දෙනකු මෙම සතිය මුලදී ශ්‍රී ලංකාවට පිටුවහල් කළ බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. මුදවාගත් විගස එහි සිටි 151 දෙනෙකු වියට්නාමයෙන් පිටුවහල් කරන ලද අතර, ඔවුහු 2022 දෙසැම්බර් 28 වන දින කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළ හරහා මෙරටට පැමිණියහ. ඒ ආකාරයෙන්ම වියට්නාමයෙන් පිටුවහල් කරන ලද තවත් ශ්‍රී ලාංකිකයන් 23 දෙනෙක් පසුගිය අප්‍රේල් 19 වන දින කටුනායකට පැමිණ තිබේ.
ශ්‍රී ලාංකිකයින් 303 දෙනෙකු රැගත් වියට්නාම ධජය සහිත ධීවර යාත්‍රාවක් (Lady R3) 2022 නොවැම්බර් 07 වන දින වියට්නාම මුහුදේ විපතට පත්ව තිබිණි. වියට්නාම මුහුදේදී මෙම අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දුන් ශ්‍රී ලාංකිකයන් පිරිස නීත්‍යානුකූලව ශ්‍රී ලංකාවේ සිට මියන්මාරයට පියාසර කර, විදෙස් මිනිස් ජාවාරම්කරුවන්ගේ සහාය ඇතිව එතැන් සිට නීති විරෝධී සංක්‍රමණය වීමට උත්සාහයක යෙදී සිටි බව අනාවරණය විය.
අප්‍රේල් 19 වැනි දින පිටුවහල් කරන ලද පිරිස අතර වයස අවුරුදු 19 ත් 50 ත් අතර පිරිමින් 15 දෙනකු සහ කාන්තාවන් හය දෙනකු සහ වයස අවුරුදු 18ට අඩු පුද්ගලයන් 02කුඩා ද වේ. ඔවුන් යාපනය, කිලිනොච්චිය, වවුනියාව, ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත. ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ බලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදු කරමින් සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart