
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යටතේ පාලනය වන බංගලා නිවාස, විසුම්පාය සහ විවිධ ප්‍රදේශයන්හි පවතින ජනාධිපති මන්දිර නිසි පරිදි ප්‍රයෝජනයට (උපයෝජනය කිරීම ) ගැනීම සඳහා යෝග්‍ය ක්‍රමවේදයක් හඳුන්වා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක රාජ්‍ය පරිපාලන ඇමැතිවරයා සමග ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාවක් ඇමැති මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ඇමැති නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කළේය.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ පරිපාලනය යටතේ රජයේ බංගලා නිවාස 50ක් කොළඹ 07 සහ 05 යන ප්‍රදේශවල පිහිටා ඇත.
හිටපු ජනාධිපතිවරුන්, ඇමැතිවරුන්, නියෝජ්‍ය ඇමැතිවරුන් සහ විවිධ රාජ්‍ය ආයතන සඳහා මෙම බංගලා නිවාස වෙන්කිරීම සිදු කර තිබේ.
එසේම, ජනාධිපති කාර්යාලයේ පරිපාලනය යටතේ කොළඹ, මහනුවර, නුවරඑළිය, මහියංගනය, අනුරාධපුරය, කතරගම, යාපනය, ඇඹිලිපිටිය සහ බෙන්තොට යන ප්‍රදේශවල ජනාධිපති මන්දිර පිහිටා ඇත.
කොළඹ සහ මහනුවර ජනාධිපති මන්දිර හැර අනෙකුත් ජනාධිපති මන්දිර නිරන්තර භාවිතයට ගෙන නොමැත.
ඊට අමතරව, රාජ්‍ය නායකයන් ගණනාවකගේ නිල නිවස ලෙස භාවිතයට ගත් කොළඹ 02 හි පිහිටා ඇති විසුම්පාය මේ වන විට නාගරික සංවර්ධන අධිකාරියේ පරිපාලනය යටතේ පවතී.
එසේම, අගමැති කාර්යාලයේ පරිපාලනය යටතේ නුවරඑළියේ අගමැති නිල නිවාසයක් තිබේ.
ඇමැති නලින්ද ජයතිස්ස සඳහන් කළේ මෙම රජයේ දේපළ නඩත්තුවට විශාල මුදලක් වැය කර ඇති නමුත්, එම දේපළ ප්‍රයෝජන නොගන්නා මට්ටමේ පවතින බවයි.
එබැවින්, එම පරිශ්‍රයන් හා නිවාස ආර්ථිකමය වශයෙන් ඵලදායීව ප්‍රයෝජනයට ගත හැකි වන පරිදි යෝග්‍ය ක්‍රමවේදයක් යෝජනා කිරීම සඳහා නිලධාරී කමිටුවක් පත් කිරීම පිණිස ජනාධිපතිවරයා සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමැතිවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව ඇමැති මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart