
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස ඉෂාදි අමන්දා කිරුළු පැළඳුවාය.
කොළඹදී පැවැති අවසන් මහා තරගයේදී ජය ලැබූ අමන්දා සමාජ මාධ්‍යවල පළ කර තිබුණේ මෙම ජයග්‍රහණය අමතක නොවන මොහොතක් බවයි.
මෙම ජයග්‍රහණය පිටුපස සිටින ප්‍රධානතම ආධාරකරුවන් දෙදෙනා වන්නේ තම සැමියා සහ දරුවා බව ද ඇය සඳහන් කර තිබේ.
අධිෂ්ඨානය සහ සහයෝගය ඇතිව ඕනෑම දෙයක් කළ හැකි බවට මෙම ජයග්‍රහණය සාක්ෂියක් බව ද ඇය පැවසුවාය.
2022 වසරේ ලෝක විවාහක රූ රැජින ලෙස කිරුළු පැළඳු ඉන්දියාවේ Sargam Koushal අවසන් මහා තරඟයේ ප්‍රධාන ආරාධිතයා විය.
මෙම අවස්ථාවට එක්ව සිටි හිටපු ලෝක විවාහක රූ රැජින රෝසි සේනානායක ප්‍රකාශ කළේ 1985 වසරේ තමන් ලෝක විවාහක රූ රැජින කිරුළ දිනූ පසුව සහ 2020 වසරේ කැරොලයින් ජූරි ජයග්‍රහණය කිරීමෙන් පසුව තවත් ලෝක රූ රැජින කිරුළක් දිනා ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවට ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart