
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වායුගෝලයේ උෂ්ණත්වය ඉහළ යෑම හේතුවෙන් සම්පුර්ණයෙන් පුරවා තබන වාහනවල කියයි ඉන්ධන ටැංකි පුපුරා යාහැකි බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා සම්පුර්ණයෙන් අසත්‍ය බව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (LIOC) කියා සිටී. එමනිසා වාහනවල ඉන්ධන ටැංකි පුරවා තැබීමට ජනතාව බියවිය යුතු නැති බව සමාගම පවසයි.
“ඉදිරි දිනවලදී උෂ්ණත්වය ඉහළ යාමට නියමිත බැවින් ඔබේ වාහනයේ උපරිම සීමාවට පෙට්‍රල් පුරවන්න එපා. මෙමගින් ඉන්ධන ටැංකියේ පිපිරීමක් ඇති විය හැකියි. කරුණාකර ඔබගේ ඉන්ධන ටැංකියෙන් අඩක් පුරවන්න. වාහනය සහ වාතය සඳහා ඉඩ තබා ගන්න. කරුණාකර දිනකට වරක් ඉන්ධන ටැංකිය විවෘත කර ඇතුළත ගොඩනැගී ඇති වායුව පිටතට පැමිණීමට ඉඩ දෙන්න.” යැයි සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන දැනුම්දීමක් ව්‍යාප්ත වෙමින් පවතී.
එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් ඉන්දියන් ඔයිල් සමාගම පහත පරිදි නිවේදනයක් නිකුත් කර ඇත.
“මෝටර් රථ නිෂ්පාදකයින් තම වාහන සැලසුම් කරන්නේ කාර්ය සාධන අවශ්‍යතා, හිමිකම් සහ පරිසර තත්ත්වයේ සියලු අංග සැලකිල්ලට ගනිමින් ගොඩනඟන ලද ආරක්ෂක සාධක සමඟිනි. පෙට්‍රල් සහ ඩීසල් වාහන සඳහා ඉන්ධන ටැංකියේ දක්වා ඇති උපරිම පරිමාව ව්‍යතිරේකයක් නොවේ. එබැවින් එය පිරවීම සම්පූර්ණයෙන්ම ආරක්ෂිත වේ. ශීත ඍතුව හෝ ගිම්හානය කුමක් වුවත්, නිෂ්පාදකයා විසින් නිශ්චිතව දක්වා ඇති පරිදි සම්පූර්ණ සීමාව (උපරිම) දක්වා වාහනවල ඉන්ධන පිරවීම ගැටළුවක් නොවේ.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart