
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවට වර්තමාන විනාශය සිදුව ඇත්තේ ‘ශ්‍රී’ අක්ෂරය හේතුවෙන් බව විද්‍යා ලේඛක සහ තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා ප්‍රකාශ කරයි. විශේෂයෙන් සිලෝන් යන නම ශ්‍රී ලංකාව ලෙස වෙනස්වීම වත්මන් විනාශයන්ට සහමුලින්ම හේතුවී ඇති බවද හෙතෙම පෙන්වාදෙයි. ජනමාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් අනුර සී. පෙරේරා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉතිහාසයේ ‘ශ්‍රී’ අක්ෂරය යොදාගෙන ඇති සෑම අවස්ථාවකදීම විනාශයන් ලඟාවී ඇති බවයි.
“අපිට කලෙක ඉඳන් ආර්ථික අපහසුතා ඇතිවෙමින් තියෙනවා. මම ඉතිහාසගත කරුණුත් එක්ක ඒ ගැන සොයාබලුවා. එතකොට මට පෙනීගියා අපේ රටට යොදා තිබෙන නමේ දෝෂයක් තියෙනවා කියලා. ඒ දෝෂය ඇතිවුණේ 1956 සිට. ඊට පෙර අපේ සිංහල රජවරුන් මේ ‘ශ්‍රී’ අක්ෂරය භාවිතා කළේ නැහැ.
ශ්‍රී ලංකා කියලා භාවිත වෙන්න පටන්ගත්තේ 1956න් පස්සේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා සමගයි. එතුමා වාහනවල අංක සඳහා ශ්‍රී අක්ෂරය යොදාගත්තා. ඒ යොදාගැනීමත් එක්ක මේ රටේ මහා කලබැගෑනියක් ඇතිවුණා, දෙමළ සිංහල ජාතීන් අතර. ඒ නිසා මහා දේපළ සහ ජිවිත හානියක් සිදුවුණා. ඒ නිසා, මේ ශ්‍රී අක්ෂරයේ මොකක් හරි දෝෂයක් ඇති කියලා මට තේරුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වුණු බණ්ඩාරනායක මහත්තයා වැඩි කලක් ජිවත් වුණේ නැහැ. ශ්‍රී අක්ෂරය ගුණදායක නම් මේ ආකාරයේ ඛේදවාචකයක් කීයටවත් සිද්ධවෙන්නේ නැහැ. පසුකාලීනව 1988දී එතුමාගේ බෑණනුවන් වූ විජය කුමාරතුංගත් වෙඩිකා මියගියා. හේතුව, එයා තමයි ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායකයා.
මේ ගැන වැඩිදුරටත් සොයාබැලීමේදී, ශ්‍රී අකුර යෙදූ සෑම රාජ්‍ය ආයතනයක්ම බංකොලොත්භාවයට පත්වෙලා තියෙනවා කියලා මට පෙනුණා. මේ රට අවසානයට පාලනය කළේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා. ඔහුගෙන් පස්සේ අපේ රට ඉංග්‍රීසින්ට යටත් වුණා. එතැනින්ම පේනවා, මේ ශ්‍රී කියන අක්ෂරයේ කුමක් හෝ විශාල ගැටළුවක් තියෙනවා කියලා.
‘ශ්‍රී’ කියන්නේ සංස්කෘතික වචනයක්. ඉස්සර පඬිවරු මේ ශ්‍රී වචනය යොදන්න කියල තියෙන්නේ පූජනීය ස්ථානවලට. පූජනීය වස්තුන්වලට. මනුස්සයෙකුට යෙදුවොත්, ඒ මනුස්සයට පළදීම අඩුයි කියල තමයි කියවෙන්නේ. ඒ නිසා මේ ශ්‍රී අක්ෂරය ගැන අපි මීට වඩා උනන්දු වියයුතුයි”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart