
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරන්නේ අ.පො.ස. උසස් පෙළ විභාගය අවසන් වූ පසුව පමණක් බව එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක ප්රකාශ කර තිබේ.
විභාගය අතරතුර අපේක්ෂකයන් සිය ප්රචාරක කටයුතු ආරම්භ කරනු ඇති බැවින් කොමිසම විභාගය අවසන් වනතුරු නිවේදනයක් නිකුත් නොකරන බව ඔහු පවසා ඇත.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අතරමගදී කල් දැමූ විභාගය මේ සතියේ යළි ආරම්භ කිරීමට නියමිතය.
පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවකට අදාළ අධිකරණ තීන්දුවක් ජනවාරි මාසයේදී ලබාදීමට නියමිත බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළේය.
මේ අතර අපේක්ෂකයන් පක්ෂ මාරුවීම, ඇතැමුන් විදෙස් ගතවීම සහ තවත් පිරිසක් දේශපාලනයෙන් ඉවත්වීම හේතුවෙන් පළාත් පාලන මැතිවරණය සඳහා මීට පෙර ඉදිරිපත් කර තිබූ නාමයෝජනා අවලංගු කිරීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ විසින් ද ඉදිරියේ දී තීරණ ගැනීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart