
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආගමික කටයුතු හැර, සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම් හෝ වෙනත් කටයුතු සඳහා ගාලුමුවදොර පිටිය ලබානොදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. අප්‍රේල් 20 වැනිදා සිට මෙම නීතිය ක්‍රියාත්මක වේ. සමාජ වගකීම් (CSR) ව්‍යාපෘතියක් වශයෙන් ගාලු මුවදොර පිටිය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් භාරගෙන ඇති අතර, මේ වන විට සිදු කරනු ලැබ ඇති සංවර්ධන කටයුතු සඳහා එම අධිකාරිය විසින් රුපියල් මිලියන 220ක් පමණ වැය කරනු ලැබ ඇති බව මීට අදාළ කැබිනට් තීරණයේ සඳහන් කර ඇත.
පසුගිය අරගල කාලසීමාව තුළදී සිදු වී ඇති දේපළ හානි අලුත්වැඩියා කටයුතු සඳහා පමණක් රුපියල් මිලියන 6.6ක් වැය කරනු ලැබ තිබෙන බව රජය ප්‍රකාශ කරයි. මහජනතාවට නිදහසේ කාලය ගත කිරීමට හැකි වන පරිදි මෙම භූමිය පවත්වාගෙන යා යුතු නමුත්, සංගීත සංදර්ශන සහ ජනතාව විශාල වශයෙන් එක්රැස් වන වෙනත් ක්‍රියාකාරකම් හේතුවෙන් එම භූමිය නිතර හානි වන අතර පරිශ්‍රයේ සුන්දරත්වය සහ දර්ශනීය ස්වභාවය පවත්වාගෙන යාමට අපහසු වී ඇති බවද රජය සිය කැබිනට් තීරණය හරහා වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart