
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පෙට්‍රොනෙට් සමාගම සමග ඇතිකර ගැනීමට නියමිත ගනුදෙනුව සම්බන්ධයෙන් රජය නැවත සළකා බලමින් සිටින බව වාර්තා වේ.
බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල ප්‍රකාශකර ඇත්තේ එම ගනුදෙනුව සම්බන්ධ අදහස සම්පූර්ණයෙන් බැහැර කර නොමැති බවයි.
බලශක්ති ක්ෂේත්‍රයේ අභියෝග සඳහා කෙටි කාලීන විසඳුමක් සඳහා ඇති දැඩි අවශ්‍යතාව එය නැවත සළකා බැලීමට හේතුව ලෙසින් මහාචාර්ය හේමපාල සඳහන් කර ඇත.
පෙට්‍රොනෙට් එල්එන්ජී ලිමිටඩ් යනු ද්‍රව ස්වාභාවික වායු (LNG) ආනයනය සහ පර්යන්ත ඉදිකිරීම පිළිබඳ විශේෂඥතාවක් ඇති ඉන්දියානු සමාගමක් වන අතර එය මුලින් සළකා බලන ලද්දේ හිටපු විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකරගේ පාලන සමයේදීය.
කෙසේවෙතත්, මහාචාර්ය හේමපාල සඳහන් කළේ පෙට්‍රොනෙට්හි යෝජනාව පිළිබඳ නව ඇගයීමක් සිදුවෙමින් පවතින බවයි.
පෙට්‍රොනෙට් එල්එන්ජී යෝජනාව රජයෙන් රජයට සිදු කෙරෙන වැඩපිළිවෙළකි.
ඒ යතේ ද්‍රව ස්වාභාවික වායු ප්‍රසම්පාදනය සහ යටිතල පහසුකම් සංවර්ධනය LTL Transformers Ltd හි අනුබද්ධ සමාගමක් වන ලක්ධනවි වෙත පැවරීමට සැලසුම් කර ඇත.
ලක්ධනවි තමන්ගේම ද්‍රව ස්වාභාවික වායු ඉන්ධන අවශ්‍යතා කළමනාකරණය කරයි.
කෙසේවෙතත්, නව පරිපාලනය යටතේ බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුම සමාලෝචනයට භාජනය වනු ඇත.
ද්‍රව ස්වාභාවික වායු ටෙන්ඩරය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් මහාචාර්ය හේමපාල පවසා ඇත්තේ අමාත්‍යාංශය විසින් අමාත්‍යාංශ නිලධාරීන්, විදුලි බල මණ්ඩල නියෝජිතයන් සහ අනෙකුත් අදාළ පාර්ශ්වකරුවන්ගෙන් සමන්විත කමිටුවක් දැනටමත් පත් කර ඇති බවයි.
ටෙන්ඩරය නැවත ආරම්භ කිරීමේ හැකියාව සොයා බැලීම කමිටුවට පැවරී තිබේ.
“අලුත් ටෙන්ඩරයකට ගියොත් ඒක ඉවර කරන්න තව අවුරුදු දෙකක් යනවා. එබැවින් ටෙන්ඩරය නැවත ආරම්භ කිරීමේ විකල්පය අපි සොයා බලමින් සිටිනවා. අපි එසේ කළත්, අපට කෙටිකාලීන සැලැස්මක් අවශ්‍ය බැවින් පෙට්‍රොනෙට් යෝජනාව තවමත් සළකා බලනන වෙනවා,” යනුවෙන් ඔහු පැහැදිලි කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart