
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මිථ්‍යා මත යැපෙමින් මිනිසුන් නිෂ්ඵල ව්‍යායාමවලට යොමු නොවිය යුතු බව වේයන්ගොඩ වඳුරව ප්‍රදේශයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් භූමිය අසල වළ දමා ඇතැයි කියන නිධානයක් සෙවීමේ කැණීම ගැන සඳහන් කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා මහාචාර්ය අතුල සේනාරත්න සඳහන් කරයි.
විහාරස්ථානවලට පූජා කරන ලද වටිනා ද්‍රව්‍ය චෛත්‍යවල තැන්පත් කර ඇත්දැයි නිශ්චිතව කිව නොහැකි නමුත් අඩි 40ක් 50ක් ගැඹුරට පොළොව යට උණු කළ පාෂාණවලින් ආවරණය කර ඒවා නිධන් ලෙස තැන්පත් කිරීමට නොහැකි බවද හෙතෙම කීය.
ඔහු ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කළේ අතීතයේ හෝ වර්තමානයේ පාෂාණ උණු කිරීමේ හෝ ඇලවීමේ තාක්ෂණයක් නොතිබූ බවයි.
වේයන්ගොඩ වඳුරව ප්‍රදේශයේ අධිවේගි මාර්ග රක්ෂිතයට යටවී ඇතැයි කියන නිධානයක් සම්බන්ධයෙන් මතුව ඇති අනුමාන පිළිබඳ විමසුමකට පිළිතුරු දෙමින් මහාචාර්ය සේනාරත්න කියා සිටියේ පොළව යට අඩි 40ත් 50ත් අතර ගැඹුරක නිධානයක් තැන්පත් කිරීමට හැකියාවක් නොමැති බවයි.
“භූ විද්‍යාඥයන් පුරාවිද්‍යා සමීක්ෂණයක් සඳහා අවධානය යොමු කරන්නේ පුරාවිද්‍යාඥයන්ගේ ඉල්ලීම මත පමණයි. දිරාපත් වන පාෂාණවල සලකුණු සමහර විට නිධානයක් පවතින බවට වැරදි වැටහීමක් ඇති කරන්න පුළුවන්. එය හෑරීමට උත්සාහ කළහොත් එය මුදල්, ශ්‍රමය සහ කාලය විශාල ලෙස නාස්ති කිරීමට හේතු වනවා. වඳුරව ප්‍රදේශයේ නිධානයක් හෑරීම නිදන් හාරන්නන්ගේ ඇස් ඇරීමට හේතුවක්.” යනුවෙන් ඔහු සඳහන් කරයි.
“විහාරස්ථානවල හෝ චෛත්‍යවල පොළව යට නිධන් තිබෙන්නට හෝ නොතිබෙන්නට පුළුවන්. නමුත් ඒ ගැන නිශ්චිත මතයක් ප්‍රකාශ කිරීමට තරම් මම පුරාවිද්‍යාඥයෙක් නෙවෙයි. පොළව යට වැළලී ඇති නිධන් ගැන ජනතාව විශ්වාස කළත්, ඒවා තිබෙන්නට ඇති ඉඩකඩ ඉතා අල්පයි. මගේ මතය අනුව නිධන් සොයමින් සිටින පුද්ගලයන් තමන්වම රවටා ගැනීමක් පමණයි කරන්නේ. භූ විද්‍යාඥයකු ලෙස වසර 40කට වැඩි කාලයක් එම ක්ෂේත්‍රයේ පළපුරුද්දෙන් මා බොහෝ විට පෙන්වා දුන්නේ ජනතාව මිථ්‍යා මත යැපෙමින් නිෂ්ඵල ව්‍යායාමවලට යොමු නොවිය යුතු බවයි. ” යනුවෙන් ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart