
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිත කරන අවස්ථා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර පවසා තිබේ.
එම අදහස් පළවන්නේ පාර්ලිමේන්තු ආපනශාලාව වසා දමා ඇති බවට පළවන වාර්තා අතරතුරයි.
“ආපනශාලාව අවභාවිතය ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු තම පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිත කරන ප්‍රශ්නයක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට අපි පසුබට වන්නේ නැහැ,” යනුවෙන් පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර The Morning වෙත අදහස් දක්වමින් සඳහන් කර ඇත.
“පරීක්ෂණවලින් පසු කිසියම් පුද්ගලයෙක් තම වරප්‍රසාද අවභාවිත කරන බව පෙනී ගියහොත් අපි සාධාරණව ක්‍රියා කරනවා,” යැයි ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
මෙම අදහස් පළ කෙරුණේ පාර්ලිමේන්තු ආපනශාලාව අවභාවිත කිරීම හේතුවෙන් වසා දමන බවට පළ වූ වාර්තාවලින් අනතුරුවය.
කෙසේවෙතත්, පාර්ලිමේන්තු ආපනශාලාව වසා නොදමනු ඇති බවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු තමාට දැනුම් දුන් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ප්‍රකාශ කර තිබේ.
දැනට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා දිනකට රුපියල් 2500ක රැස්වීම් දීමනාවක් සහ සෙසු දිනවල කමිටු රැස්වීම්වලට සහභාගි වීම සඳහා රුපියල් 2500ක දීමනාවක් ඇතුළු විවිධ දීමනා සහ ප්‍රතිලාභ ලැබේ.
තවද, ඔවුන්ට රුපියල් 100,000ක කාර්යාල දීමනාවක් සහ රුපියල් 54,285ක මාසික වැටුපක් හිමි වේ.
මන්ත්‍රීවරුන්ට ඉන්ධන පිරිමැස්මක් සහිත වාහනයක් ලබාදීමට නියමිත බවත්, පාර්ලිමේන්තු වාරය අවසන් වනතුරු එය භාවිත කිරීමට ඔවුන්ට අවස්ථාව හිමිවන බවත් වාර්තා විය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සුඛෝපභෝගී වාහන ලබා නොදෙන බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති ආනන්ද විජයපාල ප්‍රකාශ කර තිබිණි.
කෙසේවෙතත්, වත්මන් රජය පාර්ලිමේන්තුවට ලබාදෙන සහන අඩු කිරීමට සූදානමින් සිටින බවත්, මන්ත්‍රීවරුන්ට ලබාදී ඇති වරප්‍රසාදවල යම් වෙනසක් සිදු කිරීම සඳහා අධීක්ෂණය කිරීමට කමිටුවක් පත් කර ඇති බවත් වාර්තා විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart